කොවිඩ් – 19 වසංගතයේ දරුණුතම මාසය බවට ඔක්තෝබර් මාසය පත්වේ

coronavirus-testing.jpg

BROCKTON - AUGUST 13: A nurse practitioner administers COVID-19 tests in the parking lot at Brockton High School in Brockton, MA under a tent during the coronavirus pandemic on Aug. 13, 2020. (Photo by David L. Ryan/The Boston Globe via Getty Images)

රොයිටර් පුවත් සේවාවේ ගණනය කිරීම්වලට අනුව ඔක්තෝබර් මාසය කොරෝනා වෛරස් ආසාදනයේ වඩාත් දරුණුතම මාසය බවට පත්ව ඇති අතර, එම මාසයේ ඇතිවූ දෙවන රැල්ල හේතුවෙන් දින 30 ක් ඇතුළත සමස්ථ රෝගීන්ගේ සංඛ්‍යාවට හතරෙන් එකක් එකතු විය.

ඉකුත් මාසයේ දී වෛරසයේ ව්‍යාප්තිය වඩාත් වේගවත් වූ බවක් දක්නට ලැබිණ: සමස්ථ රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 30 සිට මිලියන 40 ක් දක්වා වැඩිවීමට ගතවූයේ දින 32 ක් පමනක් වන අතර, තවත් රෝගීන් මිලියන 10 ක් එක්වීමට ගතවූ කාලය දින 21 කි.

වසංගතය මෙම අමිහිරි සන්ධිස්ථානයට ළඟාවන විට අමෙරිකා එක්සත් ජනපදය තුළ පිට පිට දින හතරක් ඇතුළත දිනකට නව ආසාදිතයන් 100,000 බැගින් වාර්තා විය.

යුරෝපය ද ගෝලීය ආසාදිතයන්ගේ සංඛ්‍යාවට විශාල රෝගීන් ප්‍රමාණයක් එක් කළේය. ලතින් අමෙරිකානු කලාපය අභිබවමින් යුරෝපා මහාද්වීපය ලොව වැඩිම බලපෑමට ලක්වූ ප්‍රදේශය බවට පත්වෙමින් ආසාදන මිලියන 12 ක් වාර්තා කළේය. එමෙන්ම සමස්ථ මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකකට පමන (24%) යුරෝපය දායකත්වය දැක්වීය.

නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව යුරෝපය තුළ ගතවන සෑම දිනයකදීම මිලියනයකින් පමන ඉහළ යමින් පවතින බව රොයිටර් පුවත් විශ්ලේෂණයක දැක්වේ.

අමෙරිකා එක්සත් ජනපදය ලොව දරුණුතම බලපෑමට ලක්වූ රට ලෙස කොවිඩ් -19 ආසාදන සංඛ්‍යාව මිලියන 10 ක් පසු කිරීමට ආසන්නව සිටී. රොයිටර් ගණනය කිරීම් වලට අනුවදින හතක සාමාන්‍යය මගින් පෙන්නුම් කරන්නේ ගෝලීය දෛනික ආසාදන 540,000 වැඩි වෙමින් පවතින අතර ඔක්තෝබර් යනු මෙතෙක් වසංගතයේ දරුණුතම මාසය බවයි.

එක්සත් ජනපදය මේ වන විට ගෝලීය මුළු සංඛ්‍යාවෙන් පහෙන් එකකට – 9,949,530 කට දායක වන අතර මෑත දිනවල එරටින් බොහෝ විට දිනකට රෝගීන් 100,000 කට වඩා වාර්තාවී ඇත. වසංගතයෙන් ඇමරිකාවට අවම වශයෙන් පුද්ගලයින් 237,542 ක් අහිමි වී තිබේ.

මේ අතර, කොරෝනා ‍වසංගතය තුළ ඇති වූ ආර්ථික බිඳවැටීම තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානමක්” ඇති කරන බව එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨතම හමුදා අණදෙන නිලධාරියා පවසයි.

කොරෝනා වෛරසය විසින් ගෙන එන ගෝලීය ආර්ථික අර්බුදය යුද්ධයට තුඩු දෙනු ඇතැයි බියක් ඇත්දැයි බ්‍රිතාන්‍යය ආරක්ෂක කාර්ය මණ්ඩලයේ ප්‍රධානී ජෙනරාල් ශ්‍රීමත් නික් කාටර්ගෙන් ස්කයි නිවුස් ප්‍රවෘත්ති සේවාව විමසූ විට ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ. ඔහු සෝෆි රිජ් ඔන් ඉරිදා වැඩසටහනට පවසා ඇත්තේ ලොව පුරා කලාපීය ගැටුම් වැඩිවීම පූර්ණ යුද්ධයක්” දක්වා වර්ධනය විය හැකි බවට කනස්සල්ලක් ඇති වී තිබෙන බවත් එය 20 වන සියවසේ ලෝක යුද්ධ දෙක දක්වා පැමිණි ගමන් මග පිළිබිඹු කරන බවත්ය. රටවල් අතර ගොඩනැඟුණු සන්ධාන මාලාවක ප්‍රතිඵලයක් ලොව බිහිසුණු ලේ වැගිරීම් වලට මුහුණ දුන්නේය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top