OXFORD UNIVERSITY/JOHN CAIRNS
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද කොරෝනා වෛරස් එන්නත කොවිඩ් –19 රෝග ලක්ෂණ පුද්ගලයින් තුළ වර්ධනය වීම වැළැක්වීමට බෙහෙවින් ඵලදායී බව විශාල අත්හදා බැලීමක් පෙන්නුම් කරයි.

අතුරු දත්ත මඟින් 70% ක ආරක්ෂාවක් එමගින් සහතික කරන නමුත් පර්යේෂකයන් පවසන්නේ මාත්‍රාව නවීකරණය කිරීමෙන් එම අගය 90% ක් තරම් ඉහළ අගයකට ළඟා වන බවයි.
මෙම ප්‍රතිඵල ජයග්‍රහණයක් ලෙස පෙනෙන නමුත් ෆයිසර් සහ මෝඩර්නා එන්නත් 95% ක ආරක්ෂාවක් සහතික කිරීමෙන් පසුව මෙම එන්නත භාවිතයට පැමිණේ.
කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් එන්නත ඉතා ලාභදායී වන අතර අනෙක් දෙකට වඩා ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගබඩා කර තබා ගැනීමට පහසුය.
එබැවින් එන්නත නියාමකයින් විසින් භාවිතා කිරීම සඳහා අනුමත කරනු ලැබුවහොත් වසංගතය පාලනය කිරීම සඳහා එය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
“අද දින නිවේදනය මගින් අපට [වෛරසය] නිසා ඇති වූ විනාශය අවසන් කිරීම සඳහා එන්නත් භාවිතා කළ හැකි කාලයට තවත් පියවරක් ඉදිරියට තබයි” යැයි එන්නතෙහි නිර්මාතෘ මහාචාර්ය සාරා ගිල්බට් පැවසීය.
එක්සත් රාජධානියේ රජය ඔක්ස්ෆර්ඩ් එන්නතේ මාත්‍රා මිලියන 100 ක් කලින් ඇණවුම් කර ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා පවසන්නේ ලබන වසරේදී ලොවට මාත්‍රා බිලියන තුනක් ලබා දෙන බවයි.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ එය “ඇදහිය නොහැකි තරම් සිත්ගන්නාසුලු ප්‍රවෘත්තියක්” බවත්, ආරක්ෂක පරීක්ෂාවන් සිදුකළ යුතුව තිබියදීත්, “මේවා අපූරු ප්‍රතිඵල” බවයි.