කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සිදුවූ සංචාරක බාධාවන් නිසා ගෝලීය සංචාරක ආදායමෙන් ඩොලර් බිලියන 730 ක් මුළුමනින්ම අහිමි වෙයි – එක්සත් ජාතීන්

Copacabana-beach-Rio-de-Janeiro.jpg

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයට (UNWTO) අනුව, වසංගතය හේතුවෙන් ඇති වූ සංචාරක බිඳවැටීම මධ්‍යයේ, පසුගිය වසරට සාපේක්ෂව 2020 පළමු මාස ​​අට තුළ ජාත්‍යන්තර සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 70 කින් පහත වැටී තිබේ.

සංචාරක පැමිණීම් අඩුවීම් සංඛ්‍යාව මිලියන 700 ක් පමන වන අතර, අර්බුදයට ලක්ව පවතින සංචාරක කර්මාන්තයට එමගින් අහිමි වූ අපනයන ආදායම ඩොලර් බිලියන 730 ක් පමණ වන බව ලෝක සංචාරක සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි. මෙය පසුගිය ගෝලීය මූල්‍ය අර්බුදයේදී අහිමිවූ ආදායමට වඩා අට ගුණයකින් වැඩිය.

 “මෙම පෙර නොවූ විරූ පරිහානිය දැවැන්ත සමාජ හා ආර්ථික ප්‍රතිවිපාක ගෙන දෙන අතර රැකියා හා ව්‍යාපාර මිලියන ගණනක් අවදානමට ලක් කරයි” යැයි ලෝක සංචාරක සංවිධානයේ මහලේකම් සූරාබ් පොලොලිකෂ්විලි අනතුරු ඇඟවීය.

ලොව සෑම කලාපයකම සංචාරකයින්ගේ සංඛ්‍යාවේ විශාල අඩුවීමක් දක්නට ලැබුණද යුරෝපයට එය අඩු බලපෑමක් එල්ල කළ බව ඒජන්සිය පවසයි. එහි දත්ත වලට අනුවයුරෝපයට සංචාරකයන් පැමිණීම පිළිවෙලින් ජූලි හා අගෝස්තු මාසවලදී සියයට 72 කින් සහ සියයට 69 කින් පහත වැටිණ. එහෙත් සමස්ත ජාත්‍යන්තර පැමිණීම් එම මාසවල  සියයට 81 ක සහ සියයට 79 ක අඩුවීමක් පෙන්නුම් කළේ ය.

කෙසේ වෙතත්යුරෝපයේ යථා තත්ත්වයට පත්වීම කෙටි කාලීන එකක් බවට පත් වූ අතරවෛරසය නැවත හිස එසවීම නිසා යුරෝපා ආණ්ඩුවලට එම සීමාවන් යළි දැඩිකිරීමට සිදුව ඇතැයි ලෝක සංචාරක සංවිධානය පෙන්වා දෙයි.

කොරෝනා වයිරස් අවිනිශ්චිතතාවය හේතුවෙන් ගමන් සඳහා ඇති ඉල්ලුම බොහෝ දුරට අඩුවනු ඇතැයි ඒජන්සිය පුරෝකථනය කරයි. මුළු වසර පුරාම සංචාරක ප්‍රවාහය පහත වැටීම සියයට 70 ක් පමණ වනු ඇතැයි එය අපේක්ෂා කරයි. 2021 තුන්වන කාර්තුව පමන වන විට ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රගතියක් අපට දැක ගත හැකි බව එම ඒජන්සිය පවසයි. එහෙත් ක්ෂේත්‍රයේ ඇතැම් අනාවැකිවලට අනුව 2022 වසර වන තෙක් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රකෘතියක් සිදු නොවනු ඇත. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top