පීෆයිසර්/බයෝඑන්ටෙක් කොවිඩ් – 19 එන්නත සොයාගත් තුර්කි-ජර්මානු විද්‍යාඥයින් යුවළ හඳුනා ගනිමු

201110113251-05-biontech-pfizer-vaccine-couple-medium-tease.jpg

උගුර් සහින් සහ ඔස්ලෙම් ටුරෙසි යන විද්‍යාඥයන් යුවළ ඔන්කොලොජි හෙවත් පිළිකා රෝග අධ්‍යයනය සහ බෝවන රෝග හැදෑරීම වෙනුවෙන් තම ජීවිත කැප කර ඇති අතර, පිළිකා සඳහා පුද්ගලාරෝපිත ප්‍රතිශක්ති චිකිත්සක ප්‍රතිකාර සඳහා වසර ගණනාවක් මුළුල්ලේ පුරෝගාමී කාර්යභාරයක් ඉටුකළහ.

කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ, මෙම යුවල විසින් වෙනස් කිරීමට ලක් කරන ලද ජාන කේත ක්ෂේත්‍රයේ සිදුකළ පර්යේෂණ මගින් ලොව ප්‍රථම සාර්ථක කොරෝනා වෛරස එන්නත සොයා ගැනීමට සමත්වීමත් සමඟ ඔවුහු ලොව පුරා අවධානයට පාත්‍රව සිටිති.

55 හැවිරිදි සහින් සහ 53 හැවිරිදි ටුරෙසි 2008 වසරේදී මධ්‍යම ජර්මානු නගරයක් වන මේන්ස් හි බයෝඑන්ටෙක් ආයතනය පිහිටුවා ගත්හ. එම සමාගමේ හවුල්කරු වන අමෙරිකා එක්සත් ජනපදයේ පීෆයිසර් නමැති දැවැන්ත ඖෂධ නිෂ්පාදන සමාගම සඳුදා දිනයේ කියා සිටියේ ඔවුන්ගේ අපේක්ෂක එන්නත ස්වේච්ඡා සේවකයන් ආසාදනය වැළැක්වීම සඳහා 90% කට වඩා ඵලදායී බවයි.  

එය එන්නත ලබාගන්නා පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා මෙසෙන්ජර් ආර්එන්ඒ නොහොත් එම්ආර්එන්ඒ නමින් යුත් පෙර කිසි විටෙකත් අනුමත නොකළ තාක්ෂණයක් භාවිත කරයි.

වාර්තාකරුවන් හමුවේ අඟහරුවාදා දිනයේ අදහස් දැක්වූ සහින් මෙම ප්‍රවෘත්තියේ වැදගත්කම පැහැදිලි කරමින් කොවිඩ් වසංගතයෙන් හෙම්බත්ව සිටින ලෝකයට බලාපොරොත්තුවේ පණිවිඩයක් යැවීය.

“මම හිතන්නේ මිනිස් සංහතියට හොඳ පණිවුඩයක් වන්නේ එන්නතකින් කොවිඩ් – 19 අසාදනය සැබැවින්ම වළක්වා ගත හැකි බව අප දැන් තේරුම් ගෙන ඇති බවයි.

සඳුදා දිනයේ සීඑන්එන් ප්‍රවෘත්ති සේවය සමඟ අදහස් දක්වමින් පීෆයිසර් ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා එය හැඳින්වූයේ “පසුගිය වසර 100 තුළ ලොව වැදගත්ව වෛද්‍ය ජයග්‍රහණය” ලෙස ය.

මෙම එන්නත විද්‍යාත්මක ප්‍රජාවට බෙහෙවින් වැදගත් පියවරක් වන අතර සහින් සහ ටුරෙසි වෛද්‍ය විද්‍යාත්මක ජයග්‍රහණයේ ප්‍රවීණයෝ දෙදෙනෙකි.

පුහුණුව ලත් වෛද්‍යවරු දෙපොළක් වන මෙම යුවල පිළිකා මර්ධන ප්‍රතිදේහ නිපදවීම සඳහා 2001 වසරේ දී ඔවුන්ගේ පෙර සමාගම වන ගැන්මිඩ් ෆාමසියුටිකල්ස් ආරම්භ කළ අතර අවසානයේ දී එය 2016 වසරේ දී ඩොලර් බිලියන 1.4 කට අලෙවි කළහ.

ජර්මනියේ ධනවත්ම පුද්ගලයින් 100 දෙනා අතර ප්‍රධාන විධායක සහින් සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ටුරෙසි ලැයිස්තුගත කර ඇති බව සතිපතා වෙල්ට් ඇම් සොන්ටැග් පුවත්පත වාර්තා කරයි. අඟහරුවාදාඔවුන්ගේ නැස්ඩැක් ලැයිස්තුගත සමාගමේ වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 25.72 ක් දක්වා ඉහළ ගියේය – එය පසුගිය වසරේ ඩොලර් බිලියන 4.6 සිට දැවැන්ත පිම්මකි.

කොවිඩ් –19 එන්නත පිළිබඳ ඔවුන්ගේ වැඩ කටයුතු ගෝලීය අවධානයට යොමුව ඇති අතරමමෙම යුවළ පුණ්‍ය කටයුතු සහ ශාස්ත්‍රීය හා විද්‍යාව පිළිබඳ දක්වා ඇති දීර්ඝකාලීන කැපවීම විශේෂයෙන් අගය කළ යුතුව ඇත.

පසුගිය දශක දෙක තුළ තම ක්‍ෂේත්‍රය තුළ ඔවුන් විසින් කරන ලද කාර්යයන් සැලකිල්ලට ගෙන “සමාජයට යමක් සැපයීමට” බලකෙරුණු බව යුවළ මැයි මාසයේදී සීඑන්එන් ප්‍රවෘත්ති සේවාව වෙත පවසා ඇත.

සහින් උපත ලැබුවේ තුර්කියේ මධ්‍යධරණි වෙරළ තීරයේ පිහිටි ඉස්කෙන්ඩර්න් නම් නගරයේ ය. රොයිටර් පුවත් සේවයට අනුව ඔහු වයස අවුරුදු හතරේදී ජර්මනියේ කොලෝන්වලට ගියේය. ඔහුගේ පියා ප්‍රාදේශීය ෆෝඩ් කම්හලක සේවය කළේය.

තුර්කි වෛද්‍යවරයකුගේ දියණිය වන ටුරෙසි ඔහුට එහිදී හමු විය.

රොයිටර් පුවත් සේවයට අනුව සහින් සහ ටුරෙසි පිළිකා පර්යේෂණ සඳහා ඇති දැඩි ආශාව නිසාම එකිනෙකාට ඇළුම් කළහ.

ජනවාරියේදීචීනයේ වුහාන් හි කොරෝනා වෛරසය පිළිබඳ විද්‍යාත්මක පත්‍රිකාවක් කියවීමෙන් පසු සහින් පිළිකා මර්දන එම්ආර්එන්ඒ ෂධවල සිට එම්ආර්එන්ඒ මත පදනම් වූ වෛරස් එන්නත් දක්වා “කුඩා පියවරක්” ගත් බව රොයිටර් පුවත් සේවාව වාර්තා කරයි.

විභව එම්ආර්එන්ඒ සංයෝග කිහිපයක් සමඟ ව්‍යාපෘතියේ වැඩ කිරීම සඳහා බයෝ එන්ටෙක් සිය කාර්ය මණ්ඩලයේ 500 ක පිරිසක් යෙදවූ අතර අවසානයේ මාර්තු මාසයේදී ෆයිසර් සමඟ හවුල්කාරිත්වයකට මුළ පිරුවේ ය.

ඔවුන්ගේ කෝවිඩ් –19 එන්නත මඟින් වෛරස් කැබලි මෙන් පෙනෙන ප්‍රෝටීන් කැබලි නිපදවන අතර එමගින් සෛල රැවටීමට ජානමය ද්‍රව්‍ය වන එම්ආර්එන්ඒ භාවිතා කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය එම කැබලි හඳුනාගෙන පහර දීමට ඉගෙන ගන්නා අතර න්‍යායිකව ඕනෑම සැබෑ ආසාදනයකට වේගයෙන් ප්‍රතික්‍රියා කරයි.

සහින් “නිහතමානී" පුද්ගලයෙකු ලෙස ඔහුගේ සගයන් විසින් විස්තර කර ඇති අතර මේන්ස් විශ්ව විද්‍යාලයේ සෙසු පිළිකා රෝග පිළිබඳ මහාචාර්යවරයකු වන මතියස් තියෝබෝල්ඩ් ද ඔහු සමඟ දශක දෙකක් සේවය කර ඇත.

කුමන ජයග්‍රහණ ලැබූව දඔහු කිසි විටෙකත් ඇදහිය නොහැකි තරම් නිහතමානී හා පෞරුෂයකින් හෙබි පුද්ගලයෙක්” යැයි බයෝ එන්ටෙක් ආයතනයට මූල්‍යමය වශයෙන් සහයෝගය ලබා දී ඇති එම්අයිජී ඒජී ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මැතියස් ක්‍රොමයර් සඳුදා රොයිටර් පුවත් සේවයට පැවසීය.

සහින් වෛරසය නැවැත්වීම සඳහා වන ගෝලීය තරඟය ගැන කථා කරන විට ඔහුගේ එම ගුණාංග පැහැදිලි වේ.

අඟහරුවාදා ඔහු කියා සිටියේකොවිඩ් –19 ට එරෙහි එකම එන්නත බයෝ එන්ටෙක් / පීෆයිසර් එන්නත නොවන බව තමා විශ්වාස කරන බවයි.

ෆයිසර් සමඟ සහයෝගයෙන් යුතුව ක්‍රියාකරමින් බයෝ එන්ටෙක් හි ඉලක්කය වන්නේ ඔවුන්ගේ එන්නත් නිෂ්පාදනය වේගවත් කිරීම බවත්අවසරය ලැබුණහොත් 2021 අවසන් වන විට මාත්‍රාව බිලියන 1.3 ක් දක්වා නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් සහින් පැවසීය.

එන්නත හදිසි ලෙස භාවිතා කිරීමට අවසර දෙන ලෙස එක්සත් ජනපද ආහාර හා ෂධ පරිපාලනයෙන් ඉල්ලා සිටීමට බයෝඑන්ටෙක් සහ පීෆයිසර් සැලසුම් කර ඇති බව ඔහු නැවත අවධාරණය කළේය. එම ඉල්ලීම ලබන සතිය මුලදී ලැබෙනු ඇත.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top