කොවිඩ් ණය අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹෙන්නැයි ලෝක බැංකුව ඉල්ලා සිටී

4032.jpg

AFP via Getty Images

වසංගතය හේතුවෙන් ආණ්ඩුවල ණය බර වසර 30 කට පසු ඉහළතම අගය කරා ළඟාවී ඇතැයි එම ආයතනය පවසයි.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් දශකයක පමන කාලයක් පීඩාවන් ඇති විය හැකි බව පවසන ලෝක බැංකුව නව ණය අර්බුයක් ඇතිවීම වළක්වා ගැනීමේ කඩිනම් අවශ්‍යතාවය අවධාරණය කරයි. ලොව පුරා නැගී එන වෙළෙඳ පොලවලට හිමිකම් කියන රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද එමගින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

 

ලෝක බැංකුව විසින් නිකුත් කළ Global Economic Prospects (GEP) නමැති වාර්තාවට අනුව 2021 වසරේ ‍ලෝක ආර්ථිකය ප්‍රකෘතිකරණය වනුයේ සුළු ප්‍රමාණයකින් පමනකි. රටවල් ගණනාවක් මේ වන විටත් තම ණය ගෙවීම් අතපසු කොට ඇති අතර රටවල් රැසක්ම ණය පීඩනයකට මුහුණ පා සිටී.  

“වසංගතය පැමිණෙන විටත් වාර්තාගත මට්ටමක පැවති දේශීය සහ විදේශීය ණය බර නැගී එන වෙළෙඳ පොලවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආදායම් විනාශකාරී ලෙස සංකෝචනය කිරීම හේතුවෙන් වඩාත් තීව්‍රව තිබේ”, ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් පවසයි.

සිව්වැනි ණය රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පුළුල් ප්‍රතිපත්ති මැදිහත්වීමක් අවශ්‍ය බව මැල්පාස් පෙන්වා දෙයි. මීට සමාන තත්වයන් අතීතයේ දී 1980 ලතින් අමෙරිකානු ණය අර්බුදය සහ 1990 දශකයේ ආසියානු මූල්‍ය අර්බුද ලෙස කූටප්‍රාප්තියට පැමිණියේ ය.

ලොව විශාලතම ආර්ථිකය වන අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය 2021 වසරේ දී 3.5% ක් වනු ඇති අතර 2020 වසරේ දී එය 3.6% දක්වා සංකෝචනය විය. 2020 වසරේ 7.4% කින් සංකෝචනය වූ යූරෝ කලාපයේ ආර්ථිකය 3.6% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2020 වසරේ දී 2% ක ආර්ථික වෘද්ධියක් වාර්තා කළ චීන ආර්ථිකය මේ වසරේදී 7.9% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පවසයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top