PA MEDIA
‘දුෂ්කර සති කිහිපයක්’ හමුවේ එංගලන්තය සහ ස්කොට්ලන්තය නව අගුළුලෑමක් ප්‍රකාශයට පත් කරයි.
එංගලන්තය සහ ස්කොට්ලන්තයේ බොහෝ ප්‍රදේශ තුළ ජනතාවට එළැඹෙන පෙබරවාරි මස මැද වන තෙක් නිවෙස්වලින් බැහැරව නොයන ලෙසට එරට රජය දැනුම්දී තිබේ. සියළු පාසැල් සහ උසස් අධ්‍යාපන ආයතන වසා දැමෙන අතර අද සිට දුරස්ථ අධ්‍යාපනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී ඇත.

PA MEDIA
කොවිඩ් ආසාදන සහ රෝහල්වට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ ඉදිරි සති කිහිපය “බෙහෙවින් දූෂ්කර වනු ඇතැයි” අගමැති බොරිස් ජොන්සන් පවසයි. ඉහළම ප්‍රමුඛතා හතරට අයත් කණ්ඩායම්වලට ලබන මාසයේ මැද සිට ප්‍රථම එන්නත ලබා දෙන බව ඔහු කියා සිටී.
නත්තල් දිනයෙන් පසු රෝහල්ගත කෙරෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 50% කින් පමන ඉහළ ගොස් තිබේ. රෝහල්වල සෑම ඇඳන් 10 න් තුනක් ම කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී. ඇතැම් රෝහල්වල මෙම සංඛ්‍යාව හයක් පමන වේ.
ඊයේ දිනයේ දී පිට පිට හත්වන දිනටත් එක්සත් රාජධානිය තුළ නව ආසාදන 50,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවීම රටේ සෞඛ්‍ය අංශයට බරපතල ගැටළුවක්ව පවතී. රෝහල් ගත කරනු ලැබ සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට 27,000 කට ආසන්න ය.