කෝවිඩ් නැවත බෝවීම: මිනිසකුට දෙවරක් කෝවිඩ් වැළඳේ, දෙවන අවස්ථාව ‘වඩාත් දරුණු’ වේ

114872308_gettyimages-1212213050.jpg

එක්සත් ජනපදයේ පුද්ගලයෙකුට කෝවිඩ් – 19 දෙවරක් බෝවූ අතර, දෙවන ආසාදනය පළමු රෝගයට වඩා භයානක බවට වෛද්‍යවරු වාර්තා කරති.

25 හැවිරිදි ඔහුගේ පෙණහලුවලට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු රෝහල් ගත කිරීම අවශ්‍ය විය.

 

ප්‍රතිආසාදනය දුර්ලභ වන අතර ඔහු දැන් සුවය ලබා ඇත.

 

නමුත් ලැන්සෙට් බෝවන රෝග පිළිබඳ ආයතනය සිදුකළ අධ්‍යයනයකට අනුව වෛරසයට එරෙහිව සිරුර තුළ ප්‍රතිශක්තිය කොපමණ ප්‍රමාණයක් ගොඩනගා ගත හැකිද යන්න පිළිබඳ ප්‍රශ්න මතු වේ.

 

නෙවාඩා හි පදිංචිකරුවකු බන මෙම පුද්ගලයාට සෞඛ්‍ය ගැටලු හෝ ප්‍රතිශක්තිකරණ දෝෂයන් නොතිබුණි.

 

එම පුද්ගලයාගේ රෝගී තත්වයේ ඉතිහාසය

මාර්තු 25 – උගුරේ අමාරුව, කැස්ස, හිසරදය, ඔක්කාරය හා පාචනය ඇතුළු පළමු රෝග ලක්ෂණ

අප්‍රේල් 18 – ඔහු පළමු වරට ධනාත්මක බව පරීක්ෂා කරයි

අප්‍රේල් 27 – ආරම්භක රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම නිරාකරණය වේ

මැයි 9 සහ 26 – ඔහු අවස්ථා දෙකකදී වෛරසය සඳහා සෘණාත්මක ලෙස පරීක්ෂා කරයි

මැයි 28 – උණ, හිසරදය, කරකැවිල්ල, කැස්ස, ඔක්කාරය හා පාචනය ඇතුළු රෝග ලක්ෂණ ඔහු තුළ නැවත හටගනී.

ජුනි 5 – ඔහු දෙවන වරටත් ධනාත්මක බව පරීක්‍ෂා කරන අතර හුස්ම
හිරවීම සමඟ හයිපොක්සික් (අඩු රුධිර ඔක්සිජන්) වේ

විද්‍යාඥයන් පවසන්නේ රෝගියාට කොරොන වෛරසය දෙවරක් ආසාදනයවී ඇති බවයි. එක් එක් රෝග ලක්ෂණ වලදී ගන්නා ලද වෛරසයේ ජාන කේත සංසන්දනය කිරීමෙන් පෙන්නුම් කළේ ඒවා එකම ආසාදනයකින් ඇතිවිය නොහැකි බවයි.

 

නෙවාඩා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මාක් පැන්ඩෝරි පැවසුවේ “අපගේ සොයාගැනීම්වලින් පෙන්නුම් කරන්නේ පෙර ආසාදනයක් ඇතිවූ පමනින් අනාගත ආසාදනවලින් ආරක්ෂා නොවිය හැකි බවයි.

 

කොවිඩ් –19 ප්‍රතිශක්තිය පිළිබඳ අපගේ අවබෝධය තුළ නැවත ආසාදනයට ලක්වීමේ හැකියාව සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය."

 

සුවය ලැබූ අය පවා සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ සහ අත් සේදීම පිළිබඳ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව ඔහු පැවසීය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top