කොවිඩ් එන්නත: 90% ක රැකවරණයක් සළසමින් ‘සන්ධිස්ථානයක් සනිටුහන් කරන’ ප්‍රථම එන්නත

115330409_gettyimages-1283824133.jpg

කොවිඩ් – 19 ආසාදනයෙන් ජනතාව 90% කින් ආරක්ෂා කරගත හැකි ප්‍රථම කාර්යක්ෂම එන්නත සාර්ථකව අත්හදා බැලීමට විද්‍යාඥයෝ සමත් වෙති.

 

මෙම එන්නත සාර්ථකව අත්හදා බැලීමට හැකිවීම “විද්‍යාවට මෙන්ම මානව වර්ගයාට ද ජයග්‍රාහී දිනයක්” බව එය නිපදවීමට සම්බන්ධ පීෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් පවසයි.

 

රටවල් හයක පුද්ගලයන් 43,500 ක් ආශ්‍රිතව පරීක්ෂාවට ලක් කෙරුණු මෙම එන්නත මගින් ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටළුවක් මතු කොට නැතැයි වාර්තාවේ.

 

එන්නත හදිසි අවශ්‍යතාවයක් ලෙස සළකා මේ මස අවසානයට පෙර භාවිතයට ගැනීම සඳහා අවසර ඉල්ලීමට සමාගම් සූදානමින් සිටී.

 

සැළසුම්කරණයේ සිට මෙතරම් කෙටි කාලසීමාවක් තුළ සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කිරීමට කිසිදු එන්නතක් සමත්ව නැතැයි බීබීසී ප්‍රවෘත්ති සේවාව පවසයි.

 

තවත් අභියෝග ගණනාවක් පෙර මග ඇතත්, මෙම ප්‍රකාශය විද්‍යාඥයන් විසින් උණුසුම් අන්දමින් පිළිගෙන ඇති අතර එළැඹෙන වසන්ත සෘතුවට පෙර මෙම වසංගතය විසින් උද්ගත කරන ලද අර්බුදය විසඳීමට හැකිවනු ඇති බවට විශ්වාසයක් ද ජනිතව ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

 

“එවැනි අනාවැකියක් පළ කරන පළමුවැන්නා මා විය හැකියි, එහෙත් මා එය පවසන්නේ ඉමහත් විශ්වාසයෙන් යුක්තවයි", ඔක්ස්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය ශ්‍රීමත් ජෝන් බෙල් පවසයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top