ඇතිවුන් බෙදා හදා ගන්නා නැතිවුන්ට කිසිත් නැති කොවිඩ් එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කණස්සල්ල පළ කරයි

np_file_63856.jpeg

Tedros Adhanom Ghebreyesus, Director General of the World Health Organization (WHO) speaks during the opening of the 148th session of the Executive Board on the coronavirus disease (COVID-19) outbreak in Geneva, Switzerland, January 18, 2021. Christopher Black/WHO/Handout via REUTERS THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY

REUTERS

විෂම කොවිඩ් එන්නත් ප්‍රතිපත්ති හේතුවෙන් ලෝකය “ව්‍යසනකාරී සදාචාරාත්මක අසමත්කමකට” මුහුණපා සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවයි.

 

 

මුහුණපා සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා
අනතුරු අඟවයි.

දිළිඳු රටවල රෝගයේ අවදානමට ලක්ව සිටින ජනතාවට පෙර පොහොසත් රටවල සෞඛ්‍ය සම්පන්න තරුණයන්ට එන්නත් ලබාදීම සාධාරණ නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඩෙඩ්‍රොස් අඩනොම් ගෙබ්‍රෙයේසිස් පවසයි. ලොව පොහොසත් රටවල් 49 ට එන්නත් මිලියන 39 ක් ලබාදී ඇති අතර, එක් දුප්පත් රටකට එන්නත් 25 ක් පමනක් ලබාදී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

 

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට සහස චීනයට කොවිඩ් ආසාදනයට දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත්කළ ස්වාධීන කොමිෂන් සභාවක් ප්‍රකාශ කර සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතනය අන්තර්ජාතික හදිසි ආපදා තත්වයක් පූර්වයෙන් ප්‍රකාශ කළ යුතුව තිබූ බවයි. මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් එම කොමිෂම චීනයට ද චෝදනා කරයි.

 

මේ දක්වා චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් සියල්ල කොවිඩ් එන්නත් නිපදවා ඇති අතර, අමෙරිකානු-ජර්මානු ෆයිසර් එන්නත වැනි සෙසු එන්නත් බහුජාතික කණ්ඩායම් විසින් නිපදවා තිබේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය හමුවේ ඊයේ අදහස් දැක්වූ වෛද්‍ය ටෙඩ්‍රොස්, “මම මෙය සෘජුවම පැවසිය යුතුයි: ලෝකය ව්‍යසනකාරී සදාචාරාත්මක අසමත්කමක් අද්දරට පැමිණ සිටී – දුප්පත්ම රටවල ජනතාවගේ ජීවිත සහ ජීවන තත්වයන් මෙම අසමත්කමට වන්දිය ගෙවනු ඇත”.

 

“මට පළමුව” යන ප්‍රවේශය ස්වයංපරාජයට ලක් කළ යුතු බවත්, නොඑසේනම් එමගින් එන්නත් මිල ඉහළ නංවමින් එන්නත් සඟවා තැබීම දිරිමත් කරනු ඇතැයි ඔහු කියා සිටියේය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top