කොවිඩ් – 19 වෛරසයට බැංකු පත්‍රිකාවල, දුරකතන තිර මත සහ මළනොබැ‍‍ෙඳෙන වානේ මත දින 28 ක් පැවතිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවේ

114846378_wipephone.jpg

කොවිඩ් – 19 ආසාදනයට හේතුවන වෛරසයට බැංකු පත්‍රිකා, ජංගම දුරකතන මූණත, සහ මළ නොබැ‍ඳෙන වානේ මත දින 28 ක කාලයක් පැවති හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය සිදුකළ අධ්‍යයනයට අනුව සාර්ස්-කොව්-2 වෛරසයට කළින් සිතා සිටියාට වඩා වැඩි කාලයක්
නොනැසී පැවතිය හැකි බව අනාවරණයවී තිබේ.

කෙසේවෙතත්, මෙම පර්යේෂණය අඳුරේ සිදුකරන ලද්දකි. අධෝරක්ත කිරණවලට වෛරසය විනාශ කළ හැකි බව තහවුරුවී තිබේ. මේ නිසා විද්‍යාගාරයක් තුළ වෛරසයේ සම්ප්‍රේෂණය සැබෑ ජීවිතයට ආදේශ කිරීම සම්බන්ධයෙන් ඇතැම් විශේෂඥයෝ ප්‍රශ්ණ කරති.

කොරෝනා වෛරසය බොහෝවිට පැතිර යාම සිදුවන්නේ මිනිසුන් කහින විට,කිඹුහුම් යවන විට සහ කථා කරන විට ය. කෙසේවෙතත්, වාතයේ පාවෙන අංශු මගින් ද රෝගය බෝවිය හැකි බවට සාධක පවතී. තවද, ලෝහ හෝ ප්ලාස්ටික් පෘෂ්ඨයක් ස්පර්ශ කළවිට ද කොවිඩ්-19 ආසාදනය විය හැකි බව රෝග පාලනය කිරීම සඳහාවූ අමෙරිකා එක්සත් ජනපද මධ්‍යස්ථානය පවසයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top