සෞදි අරාබියේ තීරණයක් සමඟ ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල කඩා වැටේ

iStock-867768274-1024x683-1.jpg

අමෙරිකානු තෙල් වෙළෙඳ පොලේ බොරතෙල් බැරලයක මිල 7% කින් පහත බසී. අඟහරුවාදා දිනයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 36.76 ක් ලෙස වාර්තා වූ අතර මාස තුනකට පසු තෙල් බැරලයක් සඳහා වාර්තාවූ අඩුම අගය එයයි. විටෙක තෙල් බැරලයක මිල 9% දක්වා අඩුවිමක් ද ඊයේ දක්නට ලැබිණ.

තෙල් මිලෙහි පදනම් ලක්ෂය ලෙසින් සැළකෙන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ද ජූනි මස අගභාගයෙන් සපු මුල් වරට ඩොලර් 40 ට වඩා අඩු මට්ටමකට වැටිණ.

දුර්වල මට්ටමක පවතින ලෝක ආර්ථිකය තෙල් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය කෙරේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය බලශක්ති වෙළෙඳ පොල කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. ග්‍රීෂ්ම සෘතුවේ අමෙරිකාවේ ගමනාගමන සමයේ නිමාව සනිටුහන් කෙරෙන කම්කරු දිනය පසුබිම් කරගනිමින් එරට තුළ තෙල් සඳහා පවතින ඉල්ලුම අඩුවී ඇත. වසංගතය හේතුවෙන් බොහෝ දෙනා ගුවන් ගමන්වල නොයෙදෙන තත්වයක් තුළ ජෙට් ඉන්ධන සඳහා ඉල්ලුම අතිශයින්ම දුර්වල මට්ටමක පවතී. ගුවන් ගමන් යථා තත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවනු ඇති ද යන්න කිසිවෙකු නොදනී.  

“ඉල්ලුම සීඝ්‍රයෙන් අඩුව යමින් පවතී. සැපයුම ඉහළ යයි”, මිසූහෝ බලශක්ති සමාගමේ අධ්‍යක්ෂ රොබර්ට් යෝව්ගර් පවසයි. “නලයේ දෙපැත්තේම පැවැත්ම පිළිබඳ ආර්ථික නීතිය උල්ලංඝනයව පවතී”.

ඔපෙක් හෙවත් ඛණීජ තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ නිල නොවන නායකයා ලෙසින් සැළකෙන සෞදි අරාබිය ආසියාවට සහ අමෙරිකා එක්සත් ජනපදයට සපයන තෙල් සඳහා මිල අඩු කිරීම ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල කඩාවැටීමට බලපා ඇති ප්‍රධානතම හේතුව බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවය පවසයි. ලොව ප්‍රධානතම තෙල් නිෂ්පාදකයා ගැණුම්කරුවන් ආකර්ශණය කරගැනීම සඳහා මෙලෙස තෙල් මිල අඩුකිරීමට යොමුවීම අසුබ පෙරනිමිත්තක් බව විශේලේෂකයෝ පෙන්වා දෙති.

“සෞදියේ තීරණය තෙල් ප්‍රජාවට ලබාදුන් නරක සංඥාවක්”, යෝව්ගර් පවසයි.

තෙල් වෙළෙඳ පොලේ නවතම කැළඹීම වාර්තා වනුයේ ගෝලීය කොටස් වෙළෙඳපොලද බරපතල අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක ය.

නස්ඩක් දර්ශකය අඟහරුවාදා දිනයේ පිට පිට තෙවැනි දිනයටත් පහත බැසීමක් පෙන්නුම් කළේය.

වසංගතය, රුසියාව සහ සෞදි අරාබිය අතර මිල යුද්ධය මෙවර වසන්න සෘතුවේ තෙල් මිල පහත වැටීමට බොහෝ සෙයින් දායක විය. අමෙරිකා එක්සත් ජනපද තෙල් මිල ද මුල් වතාවට නිශේධාත්මක අගයක් ගනිමින් බැරලයක මිල ඩොලර් රින 40 දක්වා පහත වැටිණ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top