මේ වසරේ වාර්තා වූ මාරාන්තික නෞකා මුහුදුබත්වීමකින් අවම වශයෙන් සංක්‍රමණිකයන් 140 ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ඒජන්සිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අනතුරට පත් නෞකාවේ පුද්ගලයන් 200 ක් පමණ ගමන් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (අයිඕඑම්) නිවේදනයේ දැක්වේ. “මාධ්‍ය ආරංචි මාර්ග වලට අනුව, සෙනගාලී සහ ස්පාඤ්ඤ නාවික හමුදා සහ ඒ අසල සිටි ධීවරයින්ගේ මැදිහත්වීමෙන් පුද්ගලයන් 59 දෙනෙකු බේරාගෙන තවත් 20 දෙනෙකුගේ මළසිරුරු සොයා ගෙන තිබේ."
සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයට අනුව, බෝට්ටුව ස්පාඤ්ඤයේ කැනරි දූපත් බලා යාත්‍රා කරමින් තිබූ නමුත් බටහිර සෙනෙගල්හි වෙරළබඩ නගරයක් වන එම්බෝර්හි සිට පිටත්ව ගොස් පැය කිහිපයකට පසු ගින්නකට හසු විය.
“පසුගිය සතියේ මධ්‍යම මධ්‍යධරණි මුහුදේ වාර්තා වූ නැව් මුහුදුබත්වීම් හතරක් සහ ඉංග්‍රීසි ඔිඩයේ තවත් එකක් වාර්තා වූ අතර මෙම ඛේදවාචකය ගැන ඇසීමෙන් සංක්‍රමණියන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය දැඩි කණගාටුවට පත්වේ." නවතම තක්සේරුවලට අනුව බටහිර අප්‍රිකාවේ සිට කැනරි දූපත් වෙත සංක්‍රමණික බෝට්ටු පිටත්වීමේ සංඛ්‍යාව මේ වසරේ සිව් ගුණයකින්, 11,000 දක්වා වැඩි වී තිබේ.
“යුරෝපය බලා යාමේ දැඩි අපේක්ෂාවෙන් පසුවන තරුණයන්ගෙන් වාසි ලබා ගන්නා ජාවාරම්කරුවන් සහ ජාවාරම් ජාල විනාශ කිරීම සඳහා ආණ්ඩු, අන්තර්ජාතික පාර්ශවකරුවන් සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර එකමුතුවක් ඉල්ලා සිටිමු” යැයි සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සෙනෙගල් දූත මණ්ඩල ප්‍රධානී බේකරි ඩොම්බියා ප්‍රකාශයේ සඳහන් කරයි.
සැප්තැම්බර් මාසයේදී පමණක් සංක්‍රමණිකයන් 663 දෙනෙකු රැගත් බෝට්ටු 14 ක් මෙලෙස යුරෝපය බලා යාමට උත්සාහ කළ අතර ඉන් හතරෙන් එකක් පමණ ගසාගෙන ගොස් හෝ මුහුදුබත්වී ඇතැයි සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි.