අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටව යයි

55168256_303.jpg

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොවිඩ් – 19 වෛරස් ආසාදනයට ලක්වී
රෝහල් ගත කොට දින තුනකට පසු, මැතිවරණ ව්‍යාපාරයට කඩිනමින් එක්වන බව පවසමින්, රෝහලෙන් පිටව යයි.

මැරයින් වන් නමැති හෙළිකොප්ටර් යානයෙන් ජනාධිපතිවරයා රෝහල සමීපයේ පිහිටි ධවල මන්දිරයට බලා පිටව ගියේය.

“මට දැන් හොඳටම සුවයි”, ට්‍රම්ප් තම ට්වීටර් ගිණුමේ සටහන් කරයි. “කොවිඩ් රෝගයට බිය නොවන්න. ඊට ඔබේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොතබන්න”.

අමෙරිකා එක්සත් ජනපදය තුළ රෝගීන් මිලියන 7.4 ක් වාර්තාවී ඇති අතර 210,000 ක පිරිසක් රෝගයෙන් මරණය පත්වූහ.

සති අන්තයේ පළවූ එකිනෙකට පරස්පර විරෝධී ප්‍රකාශවලින් අනතුරුව ට්‍රම්ප්ගේ අසනීප තත්වයේ බරපතලකම පිළිබඳව ගැටළු මතුව තිබේ. ධවල මන්දිරය තුළ ද රෝගය පැතිරයාමේ තත්වයේ පරිමාව තවමත් නොපැදිලිය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top