ආර්ථික අසමතුලිතතාවය සහ පරිහානිය ජනසමාජය කඩා බිඳදමමින් සිටින බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

homeless-212591_1920.jpg

Image credits Paolo Trabattoni.

ලෝක ප්‍රකට ප්‍රින්ස්ටන් සරසවිය සිදු කළ නවතම අධ්‍යයනයක් මගින් ආර්ථික දුෂ්කරතාවයන් සහ ධනය බෙදීයාමේ විෂමතාවය සමාජ කණ්ඩායම් එකිනෙකාගෙන් දුරස් කිරීමට හේතුවන්නේ කෙසේද යන්න පෙන්වා දී තිබේ. මෙම අධ්‍යයනයේ සොයාගැනීම්වලට අනුව, එවැනි බෙදීම් මූල්‍ය ස්ථාවරත්වයක් ඇතිවූ පසුව පවා බෙදීම් තවදුරටත් පවත්වාගෙන යාමට දායක බව බැව් තහවුරු වී ඇත.

“කොවිඩ් – 19 වැනි ව්‍යසනයක් හමුවේ ජාතික එකමුතුකමත් අවශ්‍ය වන නමුත්, ජනතාව ඒකරාශී කිරීමට මහජන සෞඛ්‍ය අර්බුදයක් හෝ යුද්ධයක් පැමිණෙන තෙක් අප බලා සිටිය යුතු නැත”, අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා මෙන්ම ප්‍රින්ස්ටන් සරසවියේ දේශපාලන සහ පොදු කටයුතු පිළිබඳ මහාචාර්ය නොලාන් මැකාර්ටි පවසයි.  “සමාජ සහ දේශපාලන බෙදීම් තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශපාලනඥයන් නොපමාව ක්‍රියා කළ යුතුයි”.

 

ආර්ථික දුෂ්කරතාවයන් පවතින වකවානුවල විවිධ ජනකණ්ඩායම් අතර සමාජ ධ්‍රැවීකරණය (නැතහොත් ගෝත්‍රිකවාදය) වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය යන න්‍යාය කෙරෙහි මෙම අධ්‍යයනයේ දී අවධානය යොමු කෙරිණ. මෙම න්‍යායට අනුව සමස්ථ ආර්ථික පරිහානිය, ධනය බෙදී යාමේ විෂමතාවය සහ දේශපාලන බෙදීම් එකිනෙක හා අත්වැල් බැඳ ගනිමින් ගමන් කරයි.

මෙම අධ්‍යයනය Science Advances සඟරාවේ පළවිය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top