GETTY IMAGES
අමෙරිකා එක්සත් ජනපද ඡන්ද විද්‍යාල තම ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ජෝ බයිඩන් “ජනතා අභිලාෂයන් ජයගත්” බව පැවසීය.

Image Credit: Nicole Craine
අමෙරිකා එක්සත් ජනපද ප්රජාතන්ත්රවාදය “තල්ලු කොට, විභාග කොට, තර්ජනයට ලක් කෙරුණු නමුත්”, අවසානයේ දී “ඔරොත්තු දෙන, සත්‍ය සහ ශක්තිමත් බව” තහවුරු වූ බව බයිඩන් කියා සිටී.
ඡන්ද විද්‍යාල මගින් ජය තහවුරු කිරීමත් සමඟ ජනවාරි මස 20 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට බයිඩන් තරණය කළ යුතු අවසන් කඩඉම ද සාර්ථකව නිම කිරීමට ඔහු සමත් විය.
කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් පරාජය බාර ගැනීමට සූදානම් බවක් නොපෙන්වයි.
නොවැම්බර් මාසයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ ඩොනල්ඩ් ට්‍රම්ප් 232 ට 306 ක් ලෙස පරාජයට පත් කරමින් ඡන්ද විද්‍යාල වැඩි සංඛ්‍යාවක් දිනා ගැනීමට බයිඩන් සමත් විය.
අමෙරිකානු ඡන්ද ක්‍රමය යටතේ, ඡන්දදායකයන් “ඡන්ද නියෝජිතයන්” සඳහා ඡන්දය ප්‍රකාශ කරන අතර, ඔවුහු අනතුරුව මැතිවරණයෙන් සති කිහිපයකට පසු නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකයන් සඳහා ඡන්දය ප්‍රකාශ කරති.