එලන් මස්ක්, ජෙෆ් බෙසොස් පසු කරමින් ලොව පොහොසත්ම පුද්ගලයා බවට පත්වෙයි

106689818-1599150563582-musk.jpg

ප්‍රධාන තොරතුරු

·     අමෙරිකානු ඩොලර් බිලියන 185 කට වැඩි දළ ආදායමකට හිමිකම් කියමින් එලන් මසක් අද ලොව පොහොසත්ම පුද්ගලයා බවට පත්විය.

·     මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ කොටස් මිල බ්‍රහස්පතින්දා දිනයේ සිදුවූ ඉහළ යාම, 2017 වසරේ සිට ලොව පොහොසත්ම පුද්ගලයාව සිටි බෙසොස් පසුකර යාමට මස්ක්ට ඉවහල් විය. බෙසොස්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 184 කි.

·     ඉකුත් වසර තුළ මස්ක්ගේ ධනය ඉහළ ගිය ප්‍රමාණය අනුව ධනවතුන්ගේ ඉතිහායට තුළ වඩාත් සීඝ්‍රයෙන් එම ලැයිස්තුවේ ඉහළට ගිය පුද්ගලයා ලෙස ඔහු වාර්තා පොතට ඇතුළත්ව සිටී.

 

එලන් මස්ක්, අමෙරිකානු ඩොලර් බිලියන 185කට වැඩි ධනයකට හිමිකම් කියමින් ලොව පොහොසත්ම පුද්ගලයා බවට අද පත්විය.

මස්ක් 2020 වසර ආරම්භ වන විට ඩොලර් බිලියන 27 ක ධනයකට හිමිකම් කී අතර, ඔහු ලොව පොහොසත්ම පුද්ගලයන් 50 දෙනාගේ ලැයිස්තුව තුළ රැඳී සිටියේ යාන්තමින් ය. නමුත් ටෙස්ලා සමාගමේ කොටස් මිල ඉකුත් වසරේ දී නව ගුණයකින් ඉහළ යාමත්, ඒ හා සමඟ ඔහුගේ වැටුපද විශාල වශයෙන් ඉහළ යාමත් හේතුවෙන් මස්ක්ගේ දළ ආදායමේ වටිනාකම කඩිනමින් ඩොලර් බිලියන 150 පසු කළේය.

එලන් මස්ක් ඉකුත් ජූලි මාසයේ වොරන් බෆට් පසු කරමින් ලොව හත්වැනි ධනවත්ම පුද්ගලයා බවට පත්විය. අනතුරුව ඉකුත් නොවැම්බර් මාසයේ දී ඔහු බිල් ගේට්ස් පසු කර යමින් ලොව දෙවැනි විශාලතම පොහොසතා විය. ඉකුත් මාස 12 ක කාලය තුළ මස්ක් බිල් ගේට්ස්ගේ සමස්ථ ධනයේ වටිනාකම වන ඩොලර් බිලියන 132 ට වඩා වැඩි මුදලක් ඉපැයීමට සමත්වීම විශේෂයෙන් කැපී පෙනේ.

බ්‍රහස්පතින්දා දිනයේ ටෙස්ලා සමාගමේ කොටස් මිල ඉහළ යාමත් සමඟ මස්ක් 2017 වසරේ සිට ලොව සුපිරිතම බිලියනපතියා ලෙස ඩොලර් බිලියන 184 කට හිමිකම් කී ජෙෆ්‌ බෙසොස් පසු කළේය. මස්ක්ගේ ධනය ඉකුත් වසර තුළ කෙතරම් සීඝ්‍රයෙන් ඉහළ ගියේද යත්, ඉතිහාසයේ පොහොසතුන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයට ඉතා කෙටි කලකින් පැමිණි පුද්ගලයා ලෙස ඔහු වාර්තා පොතට ඇතුළත්ව සිටී.  

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top