වඳවයාමේ අද්දරට පැමිණ සිටින මේ ප්‍රිමාටයා වැල් පාලම්වලට බේරාගත හැක

114929156_gibbon1.jpg

තම ජීවිතයෙන් වැඩි කාලයක් ගස්වල මුදුන්වල ගත කරන සතුන් සඳහා, වනාන්තරයේ ගස් අතර පවතින හිඩැස් ග්‍රෑන්ඩ් කැනියොන් මෙන් තරණය කිරීම අපහසු විය හැකිය. මෙම පරතරයන් ගිබන් සතුනට බෙහෙවින් දුෂ්කරය; විශාල පිරිමින්ට සමහර වියන් හිඩැස් හරහා පැනිය හැකි වුවද, ගැහැණු හා බාල වයස්කරුවන් ආහාර, සහචරයින් සහ අනාගත සහකරුවන්ගෙන් සොයායෑමට එය බාධාවකි. නමුත්, නවතම අධ්‍යයනයකට අනුව ශක්තිමත් ලණු කිහිපයක් මෙම පරතරය පියවා ගැනීමට ඔවුනට ප්‍රමාණවත් ය.

අග්නිදිග ආසියාව පුරා ගිබන් වඳවීමේ අවදානමට ලක්ව ඇත්තේ බොහෝ දුරට වාසස්ථාන අහිමි වීම හේතුවෙනි. සතුන් 30 දෙනෙකු පමණක් ඉතිරිව සිටියදීහයිනාන් ගිබන් (නොමාස්කස් හයිනනස්) පෘථිවියේ දුර්ලභ ප්‍රිමාටයෙකු ලෙස සැලකේ. මෙම සතුන් සියල්ලම දකුණු චීනයේ දූපත් පළාතක් වන හයිනාන් හි බැවන්ග්ලිං ජාතික ස්වභාව රක්ෂිතයේ ජීවත් වේ. 2014 ජුලි මාසයේ දීසුළි කුණාටුවක් රක්ෂිතය හරහා නායයෑම් ඇති කළ අතරවනයේ වියන් වල හිඩැස් ඇති කරමින් මෙම ප්‍රිමාටයන්ට වනය තරණය කිරීම දුෂ්කර කළේය.

වාසස්ථාන නැවත සම්බන්ධ කිරීම සඳහා වෘත්තීය ගස් නගින්නන් මීටර් 15 ක් පළල හිඩැසක් හරහා කෘතිම පාලමක්” සවි කළ අතර එය කඳු නැගීමට යොදාගන්නා ශ්‍රේණියේ ලණු දෙකකින් සාදා ඇත. මාස 6 කට පමණ පසු ගිබන් මෙම ගලිය හරහා ගමන් කිරීමට කඹය යොදාගත් බව පර්යේෂකයෝ අද සයන්ටිෆික් රිපෝර්ට් වෙබ් අඩවියට වාර්තා කළහ. කණ්ඩායම ගිබන් සතුන් අටදෙනෙකුගේ කඹය දිගේ ගමන් වාර 52 ක් ලේඛනගත කර ඇති අතරබොහෝ සතුන් එක් කඹයක් දිගේ ඇවිදිමින් ආධාරය සඳහා දෙවන කඹය අල්ලාගෙන සිටිනු නිරීක්ෂණය කෙරිණ.  විද්‍යාඥයෝ මෙම දෙවැනි කඹය “අත්වැළ” ලෙස නම් කරති.  

සංරක්‍ෂකයින් මීට පෙර බෝර්නියන් ඔරන්ගුටාන් සහ ජවාන් මන්දගාමී ලොරිස් වැනි අනෙකුත් ගස්මත ජීවත්වන වානර විශේෂවලට උපකාර කිරීම සඳහා කෘතිම පාලම් ඉදිකර ඇත. නමුත් දුර්ලභ හයිනන් ගිබන් ප්‍රිමාටයන් ඒවා භාවිතා කරන පළමු උදාහරණය මෙයයි. ස්වාභාවික වනාන්තර ආවරණය නැවත පිරවීම සඳහා කඹ පාලම් කෙටි කාලීන විසඳුමක් විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඊසානදිග ඉන්දියාවේ සිට බෝර්නියෝ දක්වා ලොව පුරා ගිබන් විශේෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙති. වනාන්තර විනාශ කිරීමදඩයම් කිරීම සහ නීති විරෝධී වෙළඳාම වැනි බොහෝ දේ හේතුවෙන් මෙම සත්ව විශේෂ තර්ජනයට මුහුණපා සිටී.

මෑතකදී චීනයේ ගිබන් විශේෂ දෙකක් අතුරුදහන් වී ඇති අතරහයිනාන් ගිබන් (නොමාස්කස් හයිනනස්) ඇතුළු දැනට ඉතිරිව ඇති සියලුම චීන විශේෂයන් ස්වභාව ධර්මය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් බරපතල තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ ලෙස වර්ගීකරණය කර ඇත.

මෙම අධ්‍යයනය Scientific Reports නම් සඟරාවේ ප්‍රකාශයට පත්කෙරිණ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top