බටහිර ඉතියෝපියාවට එල්ල කෙරුණු ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියෝ 54 දෙනෙක් ඝාතනය කෙරෙති. නිවාස 20 කට වැඩි ප්‍රමාණයක් ගිනි තබා ඇති බව ප්‍රාදේශීය පරිපාලකයෙක් සඳුදා ප්‍රකාශ කළේය.

ඔරොමියා කලාපයේ බටහිර වොලෙගා ප්‍රදේශයේ ඕඑල්එෆ් ෂේන් නමැති සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරිදා මෙම ඝාතනය සිදු කර ඇති බව පරිපාලක එලියාස් උමේටා රොයිටර් පුවත් සේවයට පැවසීය.
“අපි අද ඔවුන්ගෙන් 32 දෙනෙකු භූමදාන කළෙමු. 700 ත් 750 ත් අතර පිරිසක් ගැටුම්වලින් අවතැන්ව සිටිති."
ඔිඑල්එෆ් ෂේන් වසර ගණනාවක් රටින් පිටුවහල් කොට සිටි නමුත් 2018 දී අගමැති අබී අහමඩ් බලයට පත්වීමෙන් පසු නැවත ඉතියෝපියාවට පැමිණීමට අවසර ලබාදුන් අතර එවක් පටන් ඉතියෝපියාව තුළ යළිත් ගැටුම් වර්ධනය වී තිබේ.
අහමඩ් 2019 දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ “සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ළඟා කර ගැනීමට දැරූ උත්සාහය සහ විශේෂයෙන් අසල්වැසි එරිත්‍රියාව සමඟ දේශසීමා ගැටුම නිරාකරණය කරගැනීමට අදාළ ඔහුගේ තීරණාත්මක පියවර වෙනුවෙන්" ය.
ඔිඑල්එෆ් ෂේන් පවසන්නේ තමන් ඉතියෝපියාවේ විශාලතම ජනවාර්ගික කණ්ඩායම වන ඔරොමොස්වරුන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන බවයි. එහෙත් නවතම ඝාතන පසුපස කිනම් චේතනාවක් ඇති යන්න නොපැහැදිලිය.
රජය විසින් මෙහෙයවන ඉතියෝපියානු මානව හිමිකම් කොමිසම පැවසුවේ මෙම ප්‍රහාරය ජනවාර්ගික අම්හාරික් කණ්ඩායමට අයත් පුද්ගලයින් ඉලක්ක කරගනිමින් එල්ලවී ඇති බවයි.