යුද්ධය අවසන් නැහැ – ටිග්‍රේ නායකයාගෙන් අනතුරු ඇඟවීමක්. ඉතියෝපියානු නායකයා ජය ප්‍රකාශ කරයි.

93425_ETH201128ETHIOPIACONFLICTRTR_1606734907519.jpeg

 (Reuters)

තමන් මෙකෙල්ලේ නගරය ආශ්‍රිත සටන් බිමේ තවමත්  සටනේ නිරතව සිටින බව ටිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණේ නායක ඩෙබ්‍රෙට්ෂන් ගෙබ්‍රෙමයිකල් පවසයි. මේ අතර රජයේ හමුදා නගරය අත්පත් කරගැනීමෙන් පසු ඉතියෝපියානු අගමැති අබි අහ්මඩ් තම හමුදා සේනාංකවලට සුබපතන බැව් නිවේදනය කළේය.

(Reuters)

(Reuters)

“මෙකෙල්ලේ නගරයට ආසන්නයේ ආක්‍රමණිකයන්ට එරෙහිවව මම සටන් වදිමින් සිටින්නෙමි”, ඩෙබ්‍රෙට්ෂන් සඳුදා දිනයේ රොයිටර් පුවත් සේවයට ටෙක්ස්ට් පණිවිඩයක් එවමින් කියා සිටියේ ය.

57 හැවිරිදි හිටපු ගුවන් විදුලි ක්‍රියාකරුවකු වන ගෙබ්‍රෙමයිකල් තමන් දකුණු සුඩානයට පළා ගිය බවට පළව ඇති වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරයි. ටිග්‍රේ ප්‍රාන්ත අගනුවර වන මෙකෙල්ලේ නගරයට කිලෝ මිටර 50 ක් දුරින් පිහිටි වුක්‍රෝ ප්‍රදේශයේදී අසල්වැසි එරිත්‍රියාවෙන් පැමිණි හමුදා භට පිරිසක් තමන් විසින් අල්ලා ගත් බව ද ඔහු පවසයි.

මසකට ආසන්න කාලයක් ටිග්‍රේහි පවතින ගැටුම්වලින් සිය ගණනක් මිය ගොස්, තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අසල්වැඩි සූඩානයට පළා ගොස් සිටිති. අබිගේ හමුදා සති අන්තයේදී  මෙකෙල්ලේ අගනුවර අත්පත් කරගනිමින් ටීපීඑල්එෆ් හෙවත් ටිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සටනේ ජය ප්‍රකාශ කළේය. ගරිල්ලා ව්‍යාපාරයක්ව දේශපාලනයට පිවිසි ටීපීඑල්එෆ් පක්ෂය ටිග්‍රේ ප්‍රදේශයේ තම ජනකොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් 2018 වසර තෙක් දශක තුනක් පුරා සටනක නිරතව සිටියේය.

2018 වසරේ බලයට පත්, අගමැති අබි මිලියන 115 ක් වන ඉතියෝපියානු ජනතාව එක්සේසත් කරන බවට ප්‍රතිඥාදුන් නමුත් රට තුළ ජනවාර්ගික ගැටුම් තවදුරටත් වර්ධනය වෙමින් පවතී. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top