අමෙරිකානු ඩොලරයේ මළගම? චීනයේ සහ රුසියාවේ නායකත්වයෙන් යුත් යුරේසියානු ආර්ථික සංගමය අමෙරිකානු ඩොලරය සහ යූරෝ මුදල අත්හැරීමට සූදානම් වෙයි

5f981dd085f54038f20e0769.jpg

පශ්චාත්-සෝවියට් අවකාශය තුළ යුරෝපා සංගමයට විකල්පයක් වන යුරේසියානු ආර්ථික සංගමය, සාමාජික රටවල් සහ චීනය අතර වෙළෙඳ ගනුදෙනුවලදී යොදා ගන්නා ඩොලරය සහ යූරෝ මුදල වෙනුවට තම තමන්ගේ රටවලට අයත් විනිමය ඒකක භාවිතා කිරීම ආරම්භ කළ යුතුය.

යුරේසියානු ආර්ථික සංගමය සහ කලාපීය අනුකලය සඳහා චීනය විසින් හඳුන්වා දෙන ලද තීරයක් මාවතක් වැඩපිළිවෙළ එකිනෙකට ඒකාබද්ධ කිරීමේ අරමුණින් සඳුදා දිනයේ පැවති අන්තර්ජාතික සමුළුවේදී ඇතිකරගත් අවසන් එකඟතාවය එයයි. 2010 වසරේදී පිහිටුවාගත් යුරේසියානු
ආර්ථික සංගමය ආර්මේනියාව
, බෙලරුසය, කසක්ස්තානය, කිර්ගිස්තානය සහ රුසියාව යන රටවලින් සමන්විත වන අතර මෑත වසර කිහිපය තුළ ආසියාව සමඟ, විශේෂයෙන්ම චීනය සමඟ සබඳතා තරකර ගැනීමේ උත්සාහයක නිරතව සිටී.

 

වර්ධනය වෙමින් පවතින අවදානම වළක්වා ගැනීමට නම් අප අපගේ ජාතික මුදල් භාවිතයට පැමිණිය යුතුයි”, යුරේසියානු ආර්ථික කොමිසමේ අනුකලන සහ සාර්ව-ආර්ථික කටයුතු භාර අමාත්යසය සෙර්ගෙයි ග්ලැස්යේව් කියා සිටියේය.

 

ලොව වෙළෙඳ කටයුතු සඳහා වැඩියෙන්ම භාවිත කරන විනිමය දෙකකින් බැහැරව යාම දේශපාලන වශයෙන් වෙන්ව යාමක්” නොවන බව පෙන්වා දුන් ග්ලැස්යේව් තමන්ට පාලනයක් නොමැති තත්වයකින් යුරේසියානු සාමාජික රටවල ආර්ථික ආරක්ෂා කරගැනීමක් බව කියා සිටියේය. 

2020 වසරේ පළමු කාර්තුව තුළ රුසියාව සහ චීනය අතර වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලරය යොදා ගැනීම මුල්වරට 50% ට වඩා අඩුවෙමින් 46% ක් ලෙසින් සටහන් විය. 2018 වසරේ දෙරට අතර ගනුදෙනු සියයට 75 ක්ම ඩොලරය යොදා ගනිමින් සිදුවිය.

 

අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය හේතුවෙන් අන්තර්ජාතික වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය භාවිතා කිරීම සීඝ්රියෙන් අඩුවෙමින් පවතී. බෙයිජිං පාලනය වොෂිංටනයෙන් ඈත්ව යාමට සමගාමීව ක්රෙෙම්ලීනය ද ඩොලරය අත්හැරීමේ ප්රතතිපත්තියකට යොමුවෙමින් සිටී. ක්රිජමියාව සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව බටහිර ජාතීන් 2014 වසරේ සම්බාධක පැනවීම වොෂිංටනය සහ මොස්කව් පාලනය අතර විරසකයට හේතුවිය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top