යූරෝ මුදල අමෙරිකානු ඩොලරය පරදා ලොව වැඩියෙන්ම භාවිතා කෙරෙන මුදල බවට පත්වෙයි

5fb79ffd2030272072392245.jpg

ගෝලීය මුල්‍ය ගණුදෙනු සඳහා වැඩියෙන්ම යොදා ගන්නා මුදල ලෙස වසර අටකට පසු අමෙරිකා ඩොලරය පරදා අංක එක ස්ථානය හිමිකර ගැනීමට යූරෝ මුදල සමත්ව ඇතැයි ලොව පුරා අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සඳහා වූ සමාජය හෙවත් ස්විෆ්ට් ආයතනය
පවසයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කරන ලද ස්විෆ්ට් ආයතනයේ මාසික දත්තවලට අනුව 2013 වසරෙන් පසු මුල් වරට ලොව අංක එක මුදල බවට පත්වීමට යූරෝ මුදල සමත්ව සිටී.

ලොව පුරා රටවල් 200 ක මූල්‍ය ආයතන 11,000 කට වැඩි සංඛ්‍යාවක දේශසීමා හරහා සිදු කෙරෙන අන්තර්ජාතික ගෙවීම් හසුරුවන ස්විෆ්ට් ආයතනයේ දත්තවලට අනුව යුරෝපා සංගමයට අයත් තනි මුදල් ඒකකය වන යූරෝ මුදල ඉකුත් මාසයේදී ලොව වැඩිම වශයෙන් භාවිත කරන ලද මුදල බවට පත්ව තිබේ. අමෙරිකානු ඩොලරයට දෙවැනි ස්ථානය හිමිව ඇති අතර බ්‍රිතාන්‍යය පවුම තෙවැනි ස්ථානයේ පසුවෙයි. ජපානයේ යෙන් මුදල සිව් වැනි ස්ථානයේ පසුවන අතර චීනයේ යුවාන් මුදල පසු කරමින් කැනේඩියානු ඩොලරය පස්වැනි ස්ථානයට හිමිකර ගෙන සිටී.

සංඛ්‍යාලේණවලට අනුව ස්විෆ්ට් මුදල් හුවමාරුවලට අනුව, ඔක්තෝබර් මාසයේදී සිදු කෙරුණු මුදල් ගණුදෙනුවලින් සියයට 37.8 ක් සඳහා යුරෝ මුදල යොදා ගෙන ඇති අතර, වසරකට පෙර භාවිතා කළාට වඩා යුරෝ මුදල් භාවිතය සියයට 6 කින් ඉහළ ගොස් තිබේ. අමෙරිකා එක්සත් ජනපද ඩොලරය භාවිතය 37.64 ක් දක්වා සියයට 4.6 කින් පහත බැස ඇත.  

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top