යුරෝපා සංගමය කොරෝනා වෛරසයට එරෙහි පීෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත් මාත්‍රා මිලියන 300 ක් ඇණවුම් කරයි

1db55fc4-4f94-4aed-8209-ef5448bd37ff-scaled.jpg

FILE - This May 4, 2020, file photo provided by the University of Maryland School of Medicine, shows the first patient enrolled in Pfizer's COVID-19 coronavirus vaccine clinical trial at the University of Maryland School of Medicine in Baltimore. On Monday, Nov. 9, 2020, Pfizer said an early peek at its vaccine data suggests the shots may be 90% effective at preventing COVID-19. (Courtesy of University of Maryland School of Medicine via AP, File)

වෛරසයට එරෙහිව ආරක්ෂිත හා ඵලදායී බව ඔප්පු වුවහොත් මිලදී ගැනීම සඳහා යුරෝපා සංගමය එක්සත් ජනපදයේ ඖෂධ සමාගමක් වන ෆයිසර් සහ ජර්මානු විද්‍යාගාරයක් වන බයෝඑන්ටෙක් සමඟ කොන්ත්‍රාත්තුවක් නිල වශයෙන් අනුමත කර තිබේ.

 

“එන්නතේ සාර්ථකත්වය පිළිබඳ අපේක්ෂාවන් බයෝ එන්ටෙක් සහ ෆයිසර් සඳුදා නිවේදනය කළ අවස්ථාවේදී, මාත්‍රා මිලියන 300 ක් මිලදී ගැනීමේ ගිවිසුම අද දිනයේ ම ප්‍රකාශයට පත් කිරීමට හැකිවීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා” යැයි යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

 

බයෝඑන්ටෙක් සමාගමට අනුව, කොන්ත්‍රාත්තුව මඟින් මාත්‍රාවන් මිලියන 200 ක් සැපයීම සහතික කෙරෙන අතර අතිරේක මාත්‍රාවන් මිලියන 100 ක් ලබා ගැනීමේ විකල්පයක් ද ඇත. යුරෝපීය වෛද්‍ය ඒජන්සිය විසින් අනුමත කිරීමට යටත්ව එන්නත 2020 වසර අවසානයේදී පමන බෙදා හැරීම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඖෂධ සමාගම පවසයි.

 

“යුරෝපයේ හදවතේ පිහිටුවා ඇති සමාගමක් ලෙස, නියාමන අනුමැතිය මත මිලියන ගණනක් ජනතාවට සැපයීමට අපි බලාපොරොත්තු වෙමු,” බයෝටෙක් හි ප්‍රධාන විධායක නිලධාරී උගුර් සහින් බදාදා සමාගම් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

“වසංගතය අවසන් කිරීමට දායක වීම සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නතක් නිපදවීම අපගේ අරමුණයි. අපට එය කළ හැක්කේ ඒකාබද්ධ උත්සාහයෙන් පමණක් ”යැයි සහින් පැවසීය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top