යුරෝපයේ පොහොසත්ම රටේ කොවිඩ් – 19 ඇඳන් හිඟයක්

Screenshot-2020-11-22-073742.png

කොවිඩ් – 19 වෛරස් ආසාදනයේ පළමු රැල්ල තුළ සෙසු යුරෝපා රටවලට ද බලාපොරොත්තුවක් ජනිත කරමින්, ලොව හොඳම සෞඛ්‍ය පද්ධතියකට හිමිකම් කියන රටක් ලෙස ප්‍රශංසාවට පාත්‍රවූ ජර්මනිය වසංගත සමයේ අන් කිසිදු අවස්ථාවකට වඩා දරුණු ආසාදන තත්වයකට මුහුණ සා සිටී.

සිකුරාදා දිනය වන විට කොරෝනා වෛරස් ආසාදන තත්වය වාර්තාගත ලෙස ඉහළ යමින්, දෛනික නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,000 ලෙසින් වාර්තා විය. ජර්මානු රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සැප්තැම්බර් මස 267 ක් වූ ජර්මනියේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව නොවැම්බර් මස 20 දින වන විට 3,615 දක්වා මාස දෙකක් තුළ 13 ගුණයකින් ඉහළ ගියේය.

යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය තවමත් සෙසු රටවලට සාපේක්ෂව වසංගතයට සාර්ථක ලෙස මුහුණ දෙමින් සිටී. මීට බලපා ඇති එක් ප්‍රධානතම සාධකයක් නම් රටේ සෑම පුරවැසියන් 100,000 කට ඇඳන් 33.9 ක් ලෙස අධි දැඩි සත්කාර ධාරිතාවයකට ජර්මනිය හිමිකම් කීමයි. නමුත් කලාපය තුළ කොවිඩ් ආසාදන වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ජර්මනියේ සෞඛ්‍ය පද්ධතිය ද දැඩි අර්බුදයකට මුහුණ පා ඇති අතර ඇතැම් ප්‍රදේශවලට රෝහල්වල ඇඳන් සංඛ්‍යාව රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇතැයි වාර්තාවේ.  

වත්මන් ගමන් පථය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් සති කිහිපයක් තුළ ජර්මනියේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටිය හැකි බවට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මෙයකල් අනතුරු අඟවයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top