එවරස්ට් වාර්තා බිඳ දැමූ නේපාල ජාතික ඇන්ග් රීටා ෂර්පා අභාවප්‍රාප්ත වෙයි

114551018_hi063442299.jpg

බෝතල් ඔක්සිජන් නොමැතිව 10 වතාවක් එවරස්ට් කන්ද තරණය කළ ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්වූ ප්‍රකට නේපාල කඳු නගින්නා වයස අවුරුදු 72 දී මිය යයි.

 

හිම දිවියාලෙස ජනප්‍රියත්වයට පත් ඇන්ග් රීටා ෂර්පා 1983 දී ලොව උසම කන්ද මුදුනට පැමිණියේය.

 

ඔහුගේ පවුලේ අය පැවසුවේ ඔහු සඳුදා කත්මණ්ඩු අගනුවරදී මිය ගිය බවයි. ඔහුට මොළයේ හා අක්මා රෝග ඇති විය.

 

ඔහුගේ මරණය නේපාලයට සහ එහි කඳු තරණය කරන ප්‍රජාවට විශාල පාඩුවක් ලෙස සැළකේ.

 

1983 සිට 1996 දක්වා කාලය තුළ බෝතල් ඔක්සිජන් නොමැතිව 10 වතාවක් එවරස්ට් කන්ද තරණය කළ ලොව එකම පුද්ගලයා ලෙස ඇන්ග් රීටා
ෂර්පා 2017 දී ගිනස් ලෝක වාර්තා පොත විසින් පිළිගනු ලැබිණ. එම වාර්තාව තවමත් පවතී.

 

ඔහු 1987 දී අතිරේක ඔක්සිජන් නොමැතිව මීටර් 8,848 ක් උසැති (අඩි 29,028) කන්ද තරණය කළේය.

 

කඳු නැගීමේ ඔහුගේ දක්ෂතාවය නිසා ඔහුට හිම දිවියායන අන්වර්ථ නාමය ලැබුණි.

 

හිමාලයානු පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහාවූ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා ද ඇන්ග් රීටා තම දායකත්වය ලබා දුන්නේය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top