නව පනත යටතේ විරුද්ධ විරුද්ධ ලිංගික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන අයෙකු වසර පහක සිර දඬුවමකට හා යුරෝ 75,000 ක දඩයකට යටත් කළ හැකිය.

ඔක්තෝබර් 2 වන දින ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඔහු විසින් “ඉස්ලාමීය බෙදුම්වාදය” යනුවෙන් හඳුන්වන දෙයට විසඳුම් සෙවීමට අදාළ කතාවක් පැවැත්වීය.
මුස්ලිම් පල්ලිවලට මුදල් ලැබෙන්නේ කොහේ සිට ද, ඒවා වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අධීක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීම සහ ආගමික ප්‍රජාවන්ට සේවය කරන පාසල් සහ සංගම් සෝදිසි කිරීම වැනි පනත් කෙටුම්පතක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ පියවර කිහිපයක් ඔහු ප්‍රකාශයට පත් කළේය.
කථාව අතරතුර ඔහු කියා සිටියේ ඉස්ලාම් දහම ගෝලීය වශයෙන් “අර්බුදයට ලක්ව ඇති” ආගමක් බවයි – එය ලොව පුරා මුස්ලිම්වරු ඔහුට එරෙහිව විරෝධතා දැක්වීමට හේතු වන ප්‍රකාශයකි.
ඉරිදා දිනයේ ඔහුගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින්, ලිලී නගරය පදනම් කරගත් පුවත්පතක් වන ලා වොයික්ස් ඩු නෝර්ඩ් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ප්‍රංශය “රැඩිකල් ඉස්ලාමයට එරෙහිව යුද්ධයක නිරතව සිටින” බවයි.
යුරෝපයේ විශාලතම මුස්ලිම් ජනගහණය වෙසෙන, ප්‍රංශයේ මුස්ලිම් සුළුතරයගේ කෝපයට මුල්වී ඇති අදහස් දැක්වීමේදී ඩර්මනින් පැවසුවේ “කාන්තාවකගෙන් ප්‍රතිකාර ලබා කිරීම ප්‍රතික්ෂේප කරන” අයෙකුට වසර පහක සිර දඬුවමක් හා යුරෝ 75,000 ක දඩයක් නියම කළ යුතු බවයි.
“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන” මෙන්ම “ගුරුවරයෙකුගේ පාඩම් ප්‍රතික්ෂේප කරන ඕනෑම කෙනෙකුට” මෙම පියවර අදාළ වන බව ඩර්මනින් පැවසීය.