පස අවක්‍රමණය වීම නතර නොකළහොත් අනාගතය අවදානම් – එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්

2000.jpg

Photograph: Tomas
Munita/AP

ගෝලීය පස මිහිමත සියළු ජීවයට මූලාශ්‍රය වන නමුත් එය අවක්‍රමණය වීම නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් අනාගතය “අවදානම්” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

 Photograph: Zsolt Czeglédi/EPA

මිහිතලයේ ජීවත් වන සියළු සත්වයන්ගෙන් හතරෙන් එකක් අප පය ගසා සිටින පොළොවට යටින් ජීවත් වන අතර සියළු ආහාර සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අපට ලබාදෙයි. එමෙන්ම, පස පොළොව මත ඇති සියළු ශාකවලට වඩා කාබන් ප්‍රමාණයක් රඳවා තබා ගන්නා අතර දේශගුණික හදිසි ආපදාවන් වළකාලමින් ජීවයේ පැවැත්මට තීරණාත්මක සේවාවක් ලබාදෙයි. කෙසේ වෙතත් පස පිළිබඳ අපගේ දැනුමේ අඩුපාඩු රාශියක් පවතින බව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ගෝලීය මට්ටමෙන් පසෙහි ජෛව විවිධත්වය පිළිබඳ නිකුත් කෙරුණු ප්‍රථම වාර්තාව මෙයයි.

විද්‍යාඥයන් 300 ක් පමන එක්ව සම්පාදනය කළ වාර්තාව මගින් පස හායනය වීම දේශගුණික විපර්යාසය සහ පොළොව මතුපිට ස්වාභාවික ලෝකය විනාශ කිරීම තරම්ම අවධානය යොමුවිය යුතු වැදගත් කරුණක් බව පෙන්වා දෙයි. පස නිර්මාණය වීමට වසර දහස් ගණනක් ගත වන බැවින්, දැනට ඉතිරිව පවතින පස කඩිනමින් ආරක්ෂා කරගත යුතු බව විද්‍යාඥයෝ අවධාරණය කරති.

Photograph: Carey Marks/Plymouth University

පස යනු සජීව ලෝකයෙහි සම ලෙන හදුන්වන විද්‍යාඥයෝ මහා පරිමාණයේ වගාවන්, වන විනාශය, පරිසර දූෂණය සහස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි කාරණා හේතුවෙන් මෙම තුනී සහ බි‍දෙන සුළු ස්ථරය දැඩි අවදානමකට ලක්ව ඇතැයි පෙන්වා දෙති.

“පසෙහි ඓන්ද්‍රීය ද්‍රව්‍ය මිහිතලය මත ජීවයක පැවැත්මට සහාය වෙමින් අපගේ දෛනික ජීවිතයෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි”, ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ගෝලීය පස පාර්ශවීකත්ව වැඩසටහනේ ලේකම් රොනල්ඩ් වාර්ගාස් පවසයි.

කාර්මික විප්ලවයේ පටන් ගොවි බිම්වලින් පස් ටොන් බිලියන 135 ක් පමන විනාශයට පත්ව ඇතැයි 2020 වසරේ ලෝක ආහාර සම්මානය දිනාගත් මහාචාර්ය රට්ටන් ලාල් කියයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top