එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොල අභිබවා යමින් ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොල ලොව වඩාත් කාර්යබහුල ගුවන් තොටුපොල බවට පත්වෙයි.

3028.jpg

හීත්‍රෝ ගුවන් තොටුපොලට මුල් වරට ලොව වඩාත් කාර්ය බහුල ගුවන්තොටුපොල ලෙස හිමිව තිබූ ස්ථානය අහිමිවූ බව ලංඩන් ගුවන්‌තොටුපොල පවසයි. කොරෝනා වෛරස් පරීක්ෂවන් මන්දගාමීව සිදුකිරීම හේතුවෙන් හීත්‍රෝ ගුවන්තොටුපොල ගුවන් මගීන්ගේ දැඩි විවේචනයන්ට ලක්විය.

චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොල ඔස්සේ ගමන් කරන මගීන් සංඛ්‍යාව ඒ අනුව හීත්‍රෝ ගුවන්තොටුපොල ඉක්මවා ගොස් ඇති අතර එක්සත් රාජධානියේ ගුවන් තොටුපොලට 2020 වසරේ මුල් මාස 9 තුළ පවුම් බිලියන 1.5 ක අලාභයක් සිදුව තිබේ.

මේ අතර, ගුවන් සංචාර බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ගුවන්තොටුපොල 200 කට ආසන්න සංඛ්‍යාවක් බංකොළොත්භාවයට පත්වීමේ අවදානමකට මුහුණ පා ඇතැයි යුරෝපයේ ගුවන්සේවා බලධාරීහු පවසති.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top