කොවිඩ් -19 සඳහා රංචු ප්‍රතිශක්තිය ලබාදීම භයානකයි: විද්‍යාඥයෝ පිරිසක් කියති

Screenshot-2020-10-15-214351.png

මෙම අනතුරු ඇඟවීම ද ලැන්සෙට් වෛද්‍ය සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද විවෘත ලිපියකට ඇතුළත් කර ඇති අතර ජාත්‍යන්තර පර්යේෂකයන් 80 දෙනෙකු විසින් ඊට අත්සන් තබා ඇත.

පර්යේෂකයන් 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවූයේ අඩු අවදානම් සහිත ජනගහනයක් තුළ ප්‍රතිශක්තිය වර්ධනය වීමට ඉඩ දීමෙන් කොවිඩ් –19 කළමනාකරණය කිරීම සඳහා වූ ඊනියා ‘රංචු ප්‍රතිශක්තිය’ (Herd immunity) ප්‍රවේශය “විද්‍යාත්මක සාක්ෂි මගින් සහාය නොදක්වන භයානක වැරැද්දක්” බවයි.

මෙම අනතුරු ඇඟවීම ලැන්සෙට් සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන ලද විවෘත ලිපියකට ඇතුළත් කර ඇති අතර මහජන සෞඛ්‍ය, වසංගත රෝග විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ළමා රෝග, සමාජ විද්‍යාව, වෛරස් විද්‍යාව, බෝවන රෝග, සෞඛ්‍ය පද්ධති, මනෝ විද්‍යාව, මනෝචිකිත්සාව, සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ ගණිතමය ආකෘති නිර්මාණය පිළිබඳ විශේෂඥ දැනුමෙන් හෙබි ජාත්‍යන්තර පර්යේෂකයන් රැසක් විසින් අත්සන් කර ඇත.

ස්වාභාවික ආසාදන මත පදනම් වූ රංචු ප්‍රතිශක්තිය සමස්තයක් ලෙස ශ්‍රම බලකාය අවදානමකට ලක් කොට අසාද්‍ය රෝගීක්ට හා දෛනික ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය සේවා පද්ධතිවලට ඇති හැකියාව අර්බුදයට ලක් කරයි.

“තීරණාත්මකව හා කඩිනමින් කටයුතු කිරීම ඉතා වැදගත්. සම්ප්‍රේෂණය මැඩපැවැත්වීම සහ පාලනය කිරීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග පුළුල් ලෙස ක්‍රියාත්මක කළ යුතු අතරප්‍රජා ප්‍රතිචාර දිරිගැන්වීම සහ වසංගතය මගින් විස්තාරණය කර ඇති අසමානතාවන්ට පිළියම් යෙදෙන මූල්‍ය හා සමාජ වැඩසටහන් මගින් ඒවාට සහාය විය යුතුයග” විවෘත ලිපියේ දැක්වේ.

දැනට පවත්නා සීමාවන්  මහජනතාව අධෛර්යමත් වීමට සහ ඔවුන්ගේ විශ්වාසය හීන වීමට බලපා ඇති බව විශේෂයෝ පිළිගනිති.

දෙවන ආසාදන රැල්ල හමුවේරංචු ප්‍රතිශක්තීකරණ ප්‍රවේශයන් කෙරෙහි නව උනන්දුවක් ඇතිව තිබේ. එහෙත් කොවිඩ් –19 සඳහා ස්වාභාවික ආසාදනවලින් ලැබෙන ප්‍රතිශක්තිය මත රඳා පවතින ඕනෑම වසංගත කළමනාකරණ උපාය මාර්ගයක් දෝෂ සහිත බව ඔවුහු සඳහන් කරති.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top