හොංකොං: විපක්ෂ මන්ත්‍රීවරු ඉවත්වීම විවෘත අභියෝගයක් බව චීනය පවසයි

Hong_Kong_China_45179-1.jpg

හොංකොං හි විරුද්ධ පක්ෂයේ බහුතරයක් සමූහ වශයෙන් ඉල්ලා අස්වීම “විහිළුවක්" මෙන්ම තම අධිකාරියට “විවෘත අභියෝගයක්" බව චීනය කියයි.

සේවයෙන් පහ කළ සෙසු නීති සම්පාදකයින් සිව්දෙනෙකුට සහයෝගය දක්වමින් විපක්ෂයේ සාමාජිකයෝ 15 දෙනෙක් සිය ඉල්ලා අස්වීම බදාදා ප්‍රකාශයට පත් කළහ.

මෙම සිව්දෙනා ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන බව බීජිං පැවසීය.

එහෙත් ඇතැමුන් එය දකින්නේ චීනය හොංකොංහි කතා කිරීමේ නිදහස ඇතුළු අයිතිවාසිකම් තවදුරටත් සීමා කිරීමට දරන උත්සාහයක් ලෙස ය.

එක් “රටක්පාලන ක්‍රම දෙකක්" ගිවිසුම යටතේ හොංකොං ප්‍රදේශයට ලබාදී ඇති ස්වයං පාලනයක් උල්ලංඝනය කිරීමක් ලෙස එය බටහිර මාධ්‍ය එය පුළුල් ලෙස විවේචනයට ලක් කොට ඇති අතර එක්සත් ජනපදය එය “තනි පක්ෂ ආඥාදායකත්වයක්" කරා ගෙන යාමක් ලෙස හඳුන්වයි.

චීනයට අයත් බිම් ප්‍රදේශයක් වන හොංකොං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු පළමුවන අබිං යුද්ධයේදී තම අයිතියට පවරා ගනු ලැබිණ.

බ්‍රිතාන්‍යයේ නව ජනපදය නැගෙනහිර-බටහිර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසත් දකුණු චීනයේ වාණිජ දොරටුව සහ බෙදා හැරීමේ මධ්‍යස්ථානය ලෙසත් සමෘධිමත් විය. 1898 දී දෙවන පීකිං සම්මුතිය යටතේ බ්‍රිතාන්‍යයට හොංකොං හි තවත් වසර 99 ක පාලනයක් ලබා දෙන ලදී.

වසර ගණනාවක සාකච්ඡාවලින් පසු 1997 ජුලි 1 වන දින චීන හා බ්‍රිතාන්‍ය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ උත්සවයකදී හොංකොං සාමකාමීව ආපසු චීනයට භාර දෙන ලදී. ඒ 2047 වන තෙක් වසර 50 ක් පුරා භූමියේ වඩාත් විවෘත නෛතික හා ආර්ථික පද්ධතිය නොවෙනස්ව පවත්වාගෙන යාමේ එකඟතාවය මත ය.

පසුගිය වසරේදී නගරය තුළ රාජ්‍ය විරෝධී විරෝධතා හටගත් පසුබිමක් තුළ චීනය එම ප්‍රදේශයට ජාතික ආරක්ෂක නීතියක් පැනවූ අතර එය විපක්ෂය මැඩපැවැත්වීමට යොදා ගත් බවට චෝදනා එල්ල විය.

ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය හොංකොං හි බීජිං හිතවාදී නායිකාව ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට සම්බාධක පැනවූ අතර බටහිර රටවල් කිහිපයක් හොංකොං ප්‍රදේශය සමඟ ඔවුන්ගේ පිටුවහල් කිරීමේ ගිවිසුම් අත්හිටුවා ඇති අතර ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය හොංකොං වැසියන්ට එම රටවල පදිංචි වීමට පහසු මාර්ග ලබා දුන්නේය.

මෙම විවේචන ප්‍රතික්ෂේප කරන චීන කියා සිටින්නේ තම රටේ භ්‍යන්තර දේශපාලනයට සිදුකෙරෙන විදේශ මැදිහත්වීම් තරයේ හෙළා දකින බවයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top