Credit: Jeffrey Greenberg/Universal Images Group via Getty
සැප්තැම්බර් මාසයේ මැද වන විට, උතුරු අර්ධ ගෝලයට සාමාන්‍යයෙන් වාර්ෂික උණ හෙම්බිරිසාව පැතිර යන සමය එළඹේ. නමුත්, වසරේ මේ දක්වා, රටවල් දුසිම් ගණනක කොවිඩ් – 19 වසංගතය වැඩිවීමක් දක්නට ලැබුණ ද, සාමාන්‍ය සෘතුමය ආසාදන රෝග පැතිරයාමේ මට්ටම අතිශයින්ම අඩුවීමක් දක්නට ලැබිණ.
SARS-CoV-2 කොරෝනා වෛරසය මගින් ඇති වන වසංගතය මේ වන විට ලොව පුරා මිලියන 77ක පමන පිරිසකට වැළඳී ඇති අතර, මිලියන 1.7 ක පමන පිරිසක් එයින් මරණයට පත්ව ඇත. වසංගතය පිටු දැකීමට දක්වා ඇති ප්‍රතිචාරයට තාවකාළික අගුළුලෑම්වල සිට මුහුණු ආවරණ පැළඳීම, සමාජමය දුරස්ථභාවය, පෞද්ගලික සෞඛ්‍ය වැඩිදියුණු කරලීම සහ සංචරණ සීමාවන් ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ඇතුළත් වන අතරම එමගින් මිනිසාට පොදුවේ වැළඳෙන අනෙකුත් ස්වසන රෝගවලට ද සැළකිය යුතු බලපෑමක් එල්ලවී තිබේ.

Credit: Oli Scarff/AFP via Getty
දකුණු අර්ධගෝලයට – දැන් සීත සෘතුව අවසන්ව ඇති අතර – සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගය බෝ නොවුණු තරම් ය. උතුරු අර්ධගෝලය තුළ ද ඊට සමාන තත්වයක් ඇතිවිය හැකි බව විශේෂඥයන්ගේ අදහස වී තිබේ. අනෙක් අතට, සමහර පොදු සීතල වෛරස් වර්ධනය වී ඇති අතර, ප්‍රබල සාක්ෂි මගින් ඇඟවෙන්නේ ඒවා සමහර අවස්ථාවල කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂා වීමට හේතුවී ඇති බවයි.
උණ සහ හෙම්බිරිසාව පිළිබඳ මානවයාගේ දීර්ඝ ඉතිහාසය හා සම්බන්ධව ගත් කළ එම රෝගී තත්වයන් ඇති කරන වෛරස තුළ විවිධ අබිරහස් සැඟව පවතී. මෙම වසරේ එම රෝගවලට බාධාවන් එල්ල වූ සෘතුව එම වෛරසය සම්ප්‍රේෂණය වීම පිළිබඳව මෙන්ම වාර්ෂිකව පැමිණෙන මෙම අනවශ්‍ය ආගන්තුකයන්ගේ චර්යාවන් පිළිබඳව නව තොරතුරු ලබා ගැනීමට මහඟු අවස්ථාවක් බව විද්‍යාඥයෝ පවසති. එම වෛරස සෞඛ්‍ය ක්රියාමාර්ගවලටප්රතිචාර දක්වන්නේ කෙසේ ද? දක්වන ප්‍රතික්‍රියා කෙබඳුද? සහ දිගුකාළීන රෝගාබාධ තත්වයන්ට එමගින් ඇති වන බලපෑම කවරේද යන ගැටළුවලට පිළිතුරු ලබා ගැනීමට එමගින් හැකි වනු ඇත. “මෙය සැබැවින්ම බොහෝ ස්වසන ආබාධ සම්බන්ධයෙන් සිදු කරන ස්වාභාවික අත්හදාබැලීමක්”, ජෝර්ජියාවේ ඇට්ලන්ටාහි අමෙරිකා එක්සත් ජනපද රෝග පාලනය සහ වළක්වා ගැනීම සඳහා වූ ආයතනයේ කොටසක් වන ප්‍රතිශක්තිකරණ සහ ස්වසන රෝග සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වසංගත රෝග විශේෂඥයෙකු වන සොන්ජා ඔස්ලන් පවසයි.