එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පරිසරයට එරෙහි මානව වර්ගයාගේ “සටන” පිළිබඳ දැඩි චෝදනාවක් නිකුත් කරමින් පෘථිවියේ තත්වය පිළිබඳ බදාදා පැවති දේශනයක දී “සොබාදහම සමඟ සාමය ඇති කිරීමට” ප්‍රමුඛත්වය දෙන ලෙස ලෝකවාසී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

“අපි විනාශකාරී වසංගතයකට, ගෝලීය උණුසුමෙහි නව තලයකට, පාරිසරික හායනයේ පහත් අඩියකට මෙන්ම සැමට සාධාරණ, සියලු දෙනාටම පොදුවූ සහ තිරසාර වූ සංවර්ධනයක් සඳහා ගෝලීය අරමුණු කරා යන අපගේ කාර්යයේ නව පසුබෑමකට මුහුණ දී සිටිමු" යැයි ගුටරෙස් නිව් යෝර්ක්හි නිව් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ දී කළ දේශනයේදී පැවසීය.
“සරලව කිවහොත් ග්‍රහලෝකයේ තත්වය බිඳී ඇත."
බලයලත් නව වාර්තා දෙකක් – එකක් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් සහ අනෙක එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙන් – “දේශගුණික ව්‍යසනයට අප කෙතරම් සමීපයට පැමිණ ඇති ද යන්න පැහැදිලි කරයි,” ගුටරෙස් පැවසීය.

මේ වන විටත් පරිසරයට සිදුවී ඇති හානිය පිළිබඳව පැහැදිලිව සඳහන් කළ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා, දේශගුණික විපර්යාස සහ පරිසරය සුරැකීම පිළිබඳ ප්‍රමුඛතා නැවත ක්‍රියාත්මක කිරීමට කොරොනා වෛරස් වසංගතයෙන් මගින් ලබා දී ඇති අවස්ථාව මිනිසා අහිමි කරගනිමින් සිටින බවට අනතුරු ඇඟවීය.
“මානව වර්ගයා සොබාදහමට එරෙහිව යුද්ධයක නිරතව සිටී. මෙය සියදිවි නසා ගැනීමකි. සොබාදහම සැමවිටම පෙරළා පහර දෙයි – එය දැනටමත් බලයෙන් හා කෝපයෙන් යුතුව එය සිදු කිරමින් සිටි" යනුවෙන් ඔහු පැවසීය. ජෛව විවිධත්වය බිඳ වැටීම, ශාක සහ සත්ව විශේෂ වඳවීම, කාන්තාර පැතිරීම සහ වනාන්තර අහිමි වීම අඛණ්ඩව සිදුවෙමින් පවතී.
“අධික ලෙස මසුන් ඇල්ලීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් සාගරයේ ගෙල සිරකර ඇත. එමගින් අවශෝෂණය කරගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම මුහුද ආම්ලික කරයි. කොරල් පර පරාවර්තනය වී මිය යයි" ඔහු පැවසීය.
“වායු හා ජල දූෂණයෙන් වාර්ෂිකව මිලියන 9 ක් මිනිසුන් මිය යති – එය වර්තමාන වසංගතයට වඩා හය ගුණයකටත් වඩා වැඩිය. මිනිසා සහ පශු සම්පත් වන සතුන්ගේ වාසස්ථාන තවදුරටත් ආක්‍රමණය කිරීම සහ වන අවකාශයන් කඩාබිඳ දැමීම මගින් සතුන්ගෙන් මිනිසාට බෝවන තවත් වෛරස් හා වෙනත් රෝග කාරක කාරක පැන නැඟෙනු ඇත.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වාර්ෂික දේශගුණික වාර්තාවෙන් හෙළි වන්නේ ලා නිනා හි සිසිලන බලපෑම් නොතකා ගෝලීය වශයෙන් වාර්තාගත උණුසුම්ම වසර තුනෙන් එකක් බවට මේ වසර පත්ව ඇති බවයි.