හංගේරියාව සහ පෝලන්තය නීතියේ ආධිපත්‍යය පිළිබඳ ආරවුල මත යුරෝපා සංගමයේ අයවැය ලේඛනය සම්මත වීම වළක්වයි

115520993_063837548.jpg

හංගේරියාව සහ පෝලන්තය සංගමය තුළ නීතියේ ආධිපත්‍යයට අවනතවීමට අදාළ වගන්තියක් මුල් කරගනිමින් යුරෝපා සංගමයේ ඇයවැය ලේඛනය සම්මත කිරීම වළක්වයි.

 

කොවිඩ් ප්‍රකෘතිකරණ අරමුදලක් පිහිටුවීම සඳහා වූ යූරෝ බිලියන 750 ක (ඩොලර් බිලියන 888) ආධාර අරමුදලක් ද ඊට ඇතුළත් ය.

 

බ්‍රසල්ස් අගනුවරට රැස්වූ සාමාජික රටවල් 27 හි තානාපතිවරුනට උක්ත රටවල් දෙක නිෂේධ බලය යොදා ගැනීම හේතුවෙන් එම අයවැය ලේඛනය සම්මත කර ගැනීමට නොහැකි විය.

 

හංගේරියාව සහ පෝලන්තය යුරෝපා සංගමයට පිහිටුවා ගැනීමට අදාළ සම්මුතියේ ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ප්‍රමිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විවේචනයන්ට ලක්ව සිටී.

 

අධිකරණය, ජනමාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල ස්වාධීනත්වයට බාධා පැමිණවීම සම්බන්ධයෙන් එම රටවල් දෙක පිළිබඳව යුරෝපා සංගමය දැනට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. එම වගන්තිය හේතුවෙන් එම රටවල් දෙකට යුරෝපා සංගමයේ අරමුදල්වලින් යූරෝ බිලියන ගණනක මුදලක් අහිමිවීමේ අවදානමක් පවතී.

 

යුරෝපා සංගමයට අයත් රටවල් ඉකුත් ජූනි මාසයේ දින හතරක් පුරාවට පැවති සමුළුවකදී ඇති කරගත් එකඟතාවය මත දැනටමත් වසර 2021-2027 සඳහා යූරෝ ට්‍රිලියන 1.1 ක අයවැය ලේඛනයක් පිළිබඳව මෙන්ම, කොරෝනා වෛරස් උත්තේජන පැකේජයක් සඳහා ද එකඟතාව පළ කොට ඇත.

 

තානාපතිවරු ඡන්දය ප්‍රකාශ කරනුයේ යුරෝපා සංගමයේ අරමුදල් ලබාගැනීමට නම් නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතු බවට අදාළ වගන්තියට යටත්ව වන අතර, එය සම්මත කරගැනීමට නම් සරල බහුතරයක් තිබීම ප්‍රමාණවත් බව යුරෝපා සංගමයේ වත්මන් සාමාජිකත්වය හොබවන ජර්මනිය කියයි.

 

නමුත් අයවැය ලේඛනය සහ කොවිඩ් ආපදා පැකේජය සම්මත කරගැනීමට සංගමයේ සාමාජික රටවල ඒකමතික සහාය අවශ්‍ය වන අතර පෝලන්තය සහ හංගේරියාව එක්ව දැන් එය අවහිර කොට තිබේ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top