ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේ සෘණ 4.6 කින් පහත වැටේ. කලාපයේ වේගවත්ම වර්ධන වේගය බංගලිදේශයෙන්: අන්තර්ජාතික මූල්‍ය අරමුදල

unnamed.jpg

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේ සියයට 4.6 කින් සංකෝචනය විය හැකි බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි. අසල්වැසි ඉන්දියාවේ සියයට 10.3 කින් ද, මාලදිවයිනේ 18.7% කින් ද සංකෝචනය විය හැකි බව මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

මේ අතර, කොවිඩ් – 19 අර්බුදය හමුවේ ලොව වේගවත්ම ආර්ථික වර්ධන අනුපාතය වාර්තා කිරීමට බංගලිදේශය සමත්ව සිටී. බංගලිදේශයේ ආර්ථික වර්ධන වේගය 3.8% ක් වන අතර එය දෙවැනි වන්නේ දකුණු අමෙරිකාවේ පිහිටි ගයනා රාජ්‍යයට පමණි. මියැන්මාරය 2.0% කද, චීනය 1.9 ක ද ආර්ථික වර්ධනයක් වාර්තා කරන බව මූල්‍ය අරමුදළ ප්‍රක්ශේපනය කරයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිකුත් කළ ඔක්තෝබර් මස ලෝක ආර්ථික අනාගතය වාර්තාවට අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.3% ක වර්ධනයක් පෙන්නුම් කරනු ඇත. 2020 වසරේ ජනවාරි මාසයේ සිට දියත් කළ නිරෝධායන සහ ආසාදිතයන් හඳුනා ගැනීමට අදාළ නිසි ක්‍රමවේදයක් මගින් කොරෝනා වෛරස් ආසාදනයට සාර්ථිකව මුහුණදුන් රටවල් අතලොස්ස අතරට භූතානය, කාම්බෝජය, මොංගෝලියාව සහ වියට්නාමය සමඟින් ශ්‍රී ලංකාව ද එක්ව සිටී.

රටේ මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් ආර්ථිකය පහත වැටී ඇති අතර විදේශ ණය ගෙවා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයකට මුහුණපා සිටී. රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ඉතා ඉහළ පොලී අනුපාතිකයක් ගෙවීමට සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

2019 වසරේ 86.7% ව පැවති රටේ සමස්ථ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 98.2% ක් දක්වා ඉහළ යනු ඇති අතර ඉන් අනතුරුව ස්ථාවරත්වයකට පත්වනු ඇතැයි මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top