එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ඒජන්සිය පැවසුවේ ලිබියාවේ වෙරළට ඔබ්බෙන් නෞකාවක් ගිලීයාමෙන් 74 දෙනෙකු මිය ගිය බවයි. දිවි ගලවා ගත් 47 දෙනෙකු වෙරළාරක්ෂක සහ ධීවරයින් විසින් වෙරළට ගෙන එන ලදී.

2011 දී අමෙරිකාව ප්රමුඛ නෝටෝ හමුදා සිදුකළ යුද මැදිහත්වීම සහ අනතුරුව ඔවුන්ගේ සහායලත් නේටෝ කැරැල්ලකින් පසු ස්ථාවර මධ්‍යම රජයක් නොමැති ලිබියාව, මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට ළඟා වීමට අපේක්ෂා කරන, ප්‍රධාන වශයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයින්ට, වැදගත් සංක්‍රාන්ති ස්ථානයකි.
සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (අයිඕඑම්) ඒජන්සිය පවසන පරිදි මේ වසරේදී අවම වශයෙන් 900 ක් පමණ දියේ ගිලී මිය ගොස් ඇත.

තවත් 11,000 ක් මුහුදේ නතර කර නැවත ලිබියාවට පිටත් කර යවනු ලැබූ අතර එහිදී එම සංක්රමණිකයෝ බොහෝ විට රඳවාගෙන, සූරාකෑමට හෝ අපයෝජනයට ලක් වෙති.
අයිඕඑම් සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (යූඑන්එච්සීආර්) යන ආයතන දෙකම පවසා ඇත්තේ ලිබියාව ආරක්ෂිත ආපසු පැමිණීමේ වරායක් ලෙස නොසැලකිය යුතු බවත්, මුහුදේදී නතර නතර කරනු ලබන සංක්‍රමණිකයන් ආපසු එහි නොයැවිය යුතු බවයි.