කොවිඩ් – 19 ලෝක ආර්ථිකය කෙරෙහි ඇති කරන බලපෑම

covid-impact-on-world-economy.png

2019 වසරේ අමෙරිකා-චීන වෙළෙඳ අර්බුදය, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ලෝක ආර්ථිකය කෙරෙහි කෙසේ බලපාන්නේ ද යනාදී කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. මේ කරුණු මත පදනම්ව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලෝක ආර්ථිකයේ වර්ධන වේගය 3.4% ක් වන බවට ප්‍රක්ෂේපණය කොට තිබිණ. නමුත් කොවිඩ් – 19 වෛරස ආසාදනයේ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස තත්වය නොසිතූ විරූ අයුරින් වෙනස් මඟකට යොමුවිය. සෞඛ්‍ය අර්බුදයක් ආර්ථික අර්බුදයකට පරිවර්තනය වූයේ කෙසේදනව කොරෝනා වෛරසය පැතිරීයාමත් හමුවේ ගෝලීය ආර්ථිකයට දණ නැමීමට සිදුවූයේ ඇයි?

කොරෝනා වයිරසය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි දෙයාකාරයකින් බලපෑම් එල්ල කළේය.

පළමුවවෛරසය පැතිර යාමත් සමඟ මූල්‍ය වෙලඳපොලවල්ආයතනික කාර්යාලව්‍යාපාර වසා දැමීමටත් අනෙකුත් ක්‍රියාකාරකම් නතර කිරීමටත් අදාළ සමාජ දුරස්ථභාවය දිරිගැන්වීය. 

දෙවනුවවෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ තත්වය කෙතරම් අයහපත් විය හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය නිසා පාරිභෝගිකයින්ආයෝජකයින් සහ ජාත්‍යන්තර වෙළඳ හවුල්කරුවන් අතර පරිභෝජනය සහ ආයෝජන සුරක්‍ෂිතතාවයට අදාළ ආරක්ෂාකාරී පියවර ගැනීමට යොමු කළේය.

 කොවිඩ් – 19 අර්බුදයේ ගමන්මග

 පළමු අදියරය:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2020 වසරේ ජනවාරි මස 30 වන දින කොරෝනා වෛරස් ආසාදනය අන්තර්ජාතික වශයෙන් අවධානය යොමුවිය යුතු මහජන සෞඛ්‍ය හා සම්බන්ධ හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. එම තීරණය ගන්නා විට චීනයට
පිටතින් වාර්තාවී තිබුනේ රෝගීන් 150 ක් පමණය: අමෙරිකා එක්සත් ජනපදය රෝගීන් 6 යි. කැනඩාව රෝගීන් 3 යි. එක්සත් රාජධානිය රෝගීන් 2 යි.

 අද තත්වය: ලොව පුරා මිලියන 24.0 කට වැඩි පිරිසකට කොවිඩ් – 19 ආසාදනය වී ඇති අතර මිලියන 15.6 ක් සුවය ලබා ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව 821,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

 දෙවැනි අදියරය:

පෙබරවාරි මාසය වන විට ලොව පුරා කොටස් වෙළෙඳපොලවල දරුණු කඩාවැටීමක් සිදුවූ අතර ලෝක වෙළෙඳපොලේ බොරතෙල් සඳහා වූ ඉල්ලුම
විශාල වශයෙන් අඩුවිය. ඒ සමඳ ගෝලීය මූල්‍ය අර්බුදයකට මුල
  පිරිණ. පෙබරවාරි මාසය වන විට දළ වශයෙන් ලොව පුරා කොටස් වෙළෙඳපොලවලට අහිමිවූ මිලෙහි වටිනාකම දළ වශයෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6 ක් පමන විය.

තෙවැනි අදියරය:

පෙබරවාරි මාසයේ මූල්‍ය වෙළෙඳපොලේ කඩාවැටීමත් සමඟ මාර්තු මාසය මුල වන විට ලොව පුරා සෑම රටක්ම පාහේ අගුළුලෑම (Lockdown) ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ආර්ථික වසා දැමීමට සිදුවිය. වෙළෙඳ කටයුතු ඇණහිටීම, ප්‍රවාහණ සේවා අඩපණවීම සහ ආයෝජන කටයුතු සියල්ල නතර විය. මේ හේතුවෙන් මුළුමහත් ලෝක ආර්ථිකයම වසා දමන තත්වයක් උද්ගත විය. ගෝලීය ආර්ථික පරිසරය මේ අර්බුදය විසින් ප්‍රතිනිර්වචනය කෙරුණ අතර ලොව පුරා කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් අස්ථාවරත්වයට පත්විය. ගුවන් ගමන්, සංචාරක කර්මාන්තය, සිල්ලර වෙළෙඳාම, නිෂ්පාදන ක්‍රියාවලිය ඇණ හිටීමත් සමඟ ඇතැම් සමාගම් බංකොළොත්භාවයට පත්විය.

 ලෝකයේ සමස්ථ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන රටවල ව්‍යාපාර සියල්ල ඇණ හිටිණ. මේ අර්බුදය ආර්ථික ඉතිහාසය පිළිබඳ හදාරන ඉතිහාසඥයන් අතීතයේ හටගත් අර්බුද සමඟ සන්සන්දනය කිරීමට පටන් ගත් අතර එහිදී මෙවැනි අර්බුද තුනක් කෙරෙහි අවධානය යොමුවිය:

– 1929 –1933 මහා අවධමනය

– 1974  ආර්ථික අර්බුදය

– 2008 මහා අවපාතය ආර්ථික අර්බුදය

මේ අර්බුද තුනටම වඩා කොවිඩ් – 19 විසින් ඇති කරන ආර්ථික අර්බුදය ප්‍රබල බව එම වියතුන්ගේ අදහසවී තිබේ. (Wired News UK, April 29, 2020

පසුගිය මාර්තු මාසය වන විට බ්‍රිතාන්‍යයේ පමනක් ව්‍යාපාරික ස්ථාන 21,000 ක් බිඳ වැටී ඇතැයි එරට ව්‍යවසාය පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. අමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ව්‍යාපාර ද මුළුමනින්ම පාහෝ බිඳ වැටීමේ අවදානමක මුහුණපා සිටී.

කොවිඩ් – 19 ආර්ථික බලපෑම

ආර්ථික විද්‍යාඥයන්ගේ ප්‍රක්ෂේපනවලට අනුව ලෝක ආර්ථිකයෙන් අඩක් පමන මේ වන විට ඇණ හිට පවතී.

කොවිඩ් -19 හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුව ඇති බලපෑම 1929-1933 වසරවල ලෝකය මුහුණ දුන් මහා අවධමනය  ආර්ථික අර්බුදයට වඩා වැඩි බව ආර්ථික විද්‍යාඥයෝ දැන් ප්‍රකාශ කරති.

කොවිඩ් – 19 අර්බුදයට මාස 6 කට වැඩි කාලයක් ගතව ඇති තැන ලොව පුරා ලක්ෂ 50 ක පිරිසක් විරැකියාවට ගොදුරුවී ඇති බව ජීනීවා නුවර කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසයි. එයින් මිලියන 267 ක් වයස අවුරුදු 15 – 24 ත් අතර තරුණ පිරිසට අයත් ය.

ගෝලීය දකුණ – එසේත් නැතිනම් සංවර්ධනය වෙමින් පවතින රටවල – ශ්‍රම බලකායෙන් 60% සිට 70% දක්වා පිරිසක් කිසිදු සමාජ ආරක්ෂක රැකවරණයක් නොමැති, කිසිදු සමාජ සුබසාධනය වැඩපිළිවෙළකට අයත් නොවන සහ තම සේවායෝජකයා සමඟ කිසිදු කොන්ත්‍රාත් වගකීමකට හිමකම් නොකියන පිරිසකි. මෙම පිරිසට නිරෝධායන කාලසීමාව තුළ තම එදිනෙදා ජීවිකාව සපයා ගැනීමට
නොහැකි තත්වයක් උදාවී තිබේ. ඒ අනුව ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් දරුණු සාගතයකට මුහුණ පා සිටිති. (අවාසනාවකට මේ පිරිසගේ ඉරණම මාධ්‍ය අවධානයෙන් ගිලිහී ඇත)

ලෝක කම්කරු සංවිධානයේම ප්‍රක්ෂේපණවලට අනුව කොවිඩ් – 19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා බිලියන 2 ක පිරිසක් එනම් ලොව සමස්ථ ශ්‍රමබලකායෙන් 58% ක් (ලෝක ජනගහණය බිලියන 7.8 ක් එනම් කෝටි 780 කි) විරැකියාවට ගොදුරුවීමේ අවදානමකට මුහුණ පා සිටිති. ලොව සමස්ථ ශ්‍රම බලකාය 2019 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව බිලියන 3.46 කි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට අනුව වසරකට ලොව පුරා මිලියන 9 ක පිරිසක් සාගතයෙන් සහ සාගින්න හා බැඳුණු හේතුවලින් මරණයට පත්වෙති. කොවිඩ්  -19 වසංගතය හේතුවෙන් මේ සංඛ්‍යාව බිලියන 1.5 (කෝටි 150) හෝ ඇතැම්විට බිලියන 2 (කෝටි 200) දක්වා ඉහළ යා හැකිය. ඒ අනුව, ලෝක ජනගහණයෙන් හතරෙන් එකක් පමන කොවිඩ් – 19 වසංගතය විසින් ඇති කළ සාගතයට ගොදුරුවීමේ අවදානමකට මුහුණ පා සිටී.

මීට මාස කිහිපයකට පෙර අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඩොලර් ට්‍රිලියන 1 ක විශේෂ කොවිඩ් ගලවාගැනීමේ අරමුදලක් (a special Covid rescue fund) පිහිටවූ අතර, ගෝලීය දකුණට අයත් රටවල් 60 ක් එමගින් ලබා දෙන “සහණ පැකේජ “ සඳහා අයදුම් කර ඇත. 

කොවිඩ් – 19 ගෝලීය ආර්ථිකයට කෙබඳු බලපෑමක් සිදුවිය හැකි ද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කළනොහැක. නමුත් බොහෝ ආර්ථික විද්‍යාඥයන් පොදුවේ පිළිගන්නා කරුණක් නම් මෙම වසංගතය ගෝලීය ආර්ථිකයට නිශේධාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවයි. කොවිඩ් – 19 ගෝලීය වසංගතයක් බවට පත්වුවහොත් ලොව ප්‍රධාන රටවලට 2020 වසරේදී තම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.4 ක් පමන අහිමිවනු ඇති බවට මුළින් තක්සේරු කොට තිබිණ. 2019 වසරේ ලෝක ආර්ථිකයේ වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 86.6 ක් වූ අතර එයින් සියයට 0.4 ක අඩුවක් යනු ඩොලර් ට්‍රිලියන 3.5 කි. කෙසේවෙතත්, මේ පුරෝකථන සිදුකෙරුණේ කොවිඩ් – 19 ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කිරීමට පුර්වයෙන් ය. මේ වෛසරයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගනු ලැබූ දැඩි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස ලෝක ආර්ථිකයට එමගින් එල්ල වන බලපෑම මීට වඩා විශාල විය හැකිය. උදාහරණ ලෙස, ගෝලීය කොටස් වෙළෙඳපොලේ කඩා වැටීම සහ ඩව් ජෝන්ස් එක් දිනක් තුළ ඉතිහාසයේ වාර්තාවූ බිඳ වැටීම (2020 මාර්තු 16 වන දින points 3,000කින් අඩුවීම)

ලෝක ආර්ථිකය ප්‍රකෘතිකරණයට පත්වෙන්නේ කවදා ද?

අන් කිසිදු අර්බුදයකට වඩා මෙම අර්බුදය ප්‍රකෘතිකරණය අසීරු කරණකි.

පළමුවෙන්මමෙම අර්බුදයේ පෙර නොවූ විරූ අයුරින් ගෝලීය ආර්ථිකය තුළ අපනයන මත යැපෙන ආර්ථිකයන් සඳහා ප්‍රකෘතිමත් වීමේ අපේක්ෂාවන්ට බාධා පමුණුවන අතර සංවර්ධනය වෙමින් පවතින හා දියුණු ආර්ථිකයන් අතර ආදායම් අභිසාරී වීමේ අපේක්ෂාවන්ට තර්ජනය කරයි. දියුණු ආර්ථිකයන් (සියයට –8) සහ නැගී එන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් (චීනය හැර සෙසු සියයට –3) ලොව පුරා සියළු රටවලින් සියයට 95 ක පමන 2020 වසරේ ඒක පුද්ගල ආදායමේ වර්ධනය නිශේධනාත්මක අගයක් ගනු ඇතෑයි අපේක්ෂා කෙරේ.

දෙවනුවරටවල් නැවත විවෘත වන විටඑක් එක් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළ යාම අසමාන වේ. එක් අතකින්ඉහළ යන ඉල්ලුම සිල්ලර වෙළඳාම වැනි සමහර අංශවල වියදම් ඉහළ යෑමට හේතු වන අතරඅනෙක් අතටආගන්තුක සත්කාරයසංචාරක සහ සංචාරක සේවා වැනි අංශවලට යථා තත්වයට පැමිණීමට දැඩි අරගලයක නිරතවීමට සිදුවනු ඇත. එවැනි අංශ මත රඳා පවත්නා රටවලට මෙම අර්බුදය දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ලෙස බලපානු ඇත.

 තෙවනුවශ්‍රම වෙළඳපොළට දැඩි ලෙස, වාර්තාගත වේගයකින් මෙහි බලපෑම එල්ලවී ඇත. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් ඔස්සේ සේවය කිරීමට විකල්පයක් නොමැති අඩු ආදායම්ලාභී සහ අර්ධ පුහුණු ශ්‍රමිකයින් සඳහා අර්බුදය දැඩි බලපෑමක් එල්ල කරයි. සංචාරක කර්මාන්තය සහ ආගන්තුක සත්කාරය වැනි ශ්‍රම-දැඩි අංශවල ක්‍රියාකාරකම් යටපත් වනු ඇතැයි අපේක්ෂා කිරීමත් සමඟශ්‍රම වෙළඳපොලේ පූර්ණ ප්‍රකෘතියක් සඳහා යම් කාලයක් ගතවනු ඇතආදායම් අසමානතාවය නරක අතට හැරෙන අතර දුප්පත්කම වැඩි වේ.

 

නිගමණය

 

1.       COVID-19 වසංගතය 1920 ගණන්වල මහා අවපාතයෙන් පසු ලොව මෙතෙක් මුහුණදුන් දරුණුතම අවපාතයට හේතු වේ.

2.      අන්තර්ජාතික මූල්‍ය අරමුදල පසුගිය අප්‍රෙල් මාසයේ කළ අනාවැකිය සංශෝධනය කිරීමෙන් මේ වසරේ ගෝලීය ආර්ථික නිෂ්පාදනය 4.9% කින් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

3.      ලෝක ආර්ථිකය ප්‍රකෘතිකරණයට පත්වීමට ඇති ශක්තිය අවිනිශ්චිතය.

 COVID-19 වසංගතය ආර්ථිකය මහා අගුලු දැමීමකට ලොව තල්ලු කළ අතර එය වෛරස ව්‍යාප්ති පාලනය කර ජීවිත බේරා ගැනීමට උපකාරී වුව ද මහා අවපාතයෙන් පසු දරුණුතම අවපාතයට ද හේතු විය. බොහෝ නැගී එන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් තුළ වසංගතය උත්සන්න වෙමින් පවතින තත්වයක් හමුවේ පවා ලොව පුරා රටවල් වලින් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් දැන් නැවත විවෘත කෙරෙමින් පවතී. ඒ අතර රටවල් කිහිපයක් යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන තිබේ. කෙසේ වෙතත්නිශ්චිත සෞඛ්‍යමය විසඳුමක් නොමැති විටප්‍රකෘතිමත් වීමේ ශක්තිය ඉතා අවිනිශ්චිත වන අතර ආර්ථිකයේ විවිධ අංශ හා රටවලට එය අසමාන ලෙස බලපායි.

 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top