ලොව විශාලතම සිනමා කර්මාන්තය සිනමා ශාලා නැවත විවෘත කිරීමට සැරසෙයි

1000x-1.jpg

සිනමා උමතු ඉන්දියාවේ, කොරෝනා වසංගතය හේතුවෙන් මාස හතක් පුරා වසා දැමීමෙන් පසු මිලියන ගණනක් සිනමාලෝලීහු මේ සතියේ සිනමා ශාලා නැවත විවෘත කරනු තෙක් බලා සිටිති. එය ලොව වැඩිම පිරිසක් නරඹන සිනමා කර්මාන්තයේ වාසනාව යළි උරගා බැලීමේ පියවරක් ලෙස සැළකේ.

උග්‍ර සිනමා ලෝලියෙකු වන හේමා චොකලිංගම් තම හිතවතියන් පිරිසක් සමඟ නවදිල්ලි නගරාසන්නයේ නොයිඩා හි සිනමා සංකීර්ණය බලා යාම අදහස් කරයි. සතියකට වරක් සිනමා පටයක් නැරඹීම පුරුද්දක් කොටගත් මෙම සන්නාම විධායක නිලධාරිනිය  පැවසුවේ චිත්‍රපට ශාලාවක් තුළ සිනමා අත්දැකීමක් නැවත ලබාගන්න මම පුල පුලා බලා සිටිනවා" යන්නයි. අන්තර්ජාලගත ප්‍රවාහය ඔස්සේ චිත්‍රපට නැරඹීම සැබෑ අත්දැකීමට වඩා වෙනස්, මම මගේ පැරණි ජීවිතය නැවත ලබා ගන්නවා."

 

කොවිඩ් – 19 එරෙහිව පනවන ලද සීමාවන් හේතුවෙන් රට පුරා සිනමාහල් 10,000 කට ආසන්න ප්‍රමාණයක් මාර්තු මැද භාගයේදී වසා දමන ලදීබ්‍රහස්පතින්දා සිනමා ශාලා නැවත විවෘත කිරීමත් සමඟ යළි විවෘත කෙරෙන පොදු ගොඩනැඟිලිවල අවසාන කාණ්ඩයට සිනමා ශාලාද එක්වනු ඇත. තිරගත කිරීම නැවත ආරම්භ කිරීමත් සමඟ චිත්‍රපට ලෝලීන්නාට්‍යමය නිකුතුවක් බලාපොරොත්තුවෙන් සිටින අතර බොලිවුඩ් චිත්‍රපට මෙන්ම සහ හොලිවුඩ් චිත්‍රපට වන ක්‍රිස්ටෝපර් නොලන්ගේ ටෙනට් වැනි චිත්‍රපටවලට වැඩි ඉල්ලමක් පවතිනු ඇත. ටෙනට් චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන රූගත කිරීම් මුම්බායි හිදී සිදුවිය.

එක්සත් ජනපදය සහ එක්සත් ජනපදය ඇතුළුව ලොව පුරා රටවල් රැසක සිනමා ශාලා මේවන විටත් විවෘත කර ඇති අතරඉන්දියාවේ සිනමා කර්මාන්තට යළි විවර කෙරෙනුයේ දීපවාලි ආලෝක පූජා උත්සවයට සති කිහිපයකට පෙරය. නමුත් ලෝකයේ දෙවන වැඩිම කොවිඩ් – 19 සිද්ධි සංඛ්‍යාවට හිමිකම් කියන ඉන්දියාවේ මිලියන 7 ක පිරිසක් රෝගයේ ආසාදනයට ලක්ව සිටින අතරප්‍රේක්ෂකයින් 50% ක සීමිත ධාරිතාවකින් යුත් සිනමා ශාලා පුරවනු ඇත්ද යන්න සහ රටේ අතිවිශිෂ්ට චිත්‍රපට නිපදවීමේ කර්මාන්තය යළි නංවාලීමට හැකිවේද යන්න පිළිබඳව සැකයක් පවතී.

 

“අඳුරු අවධියකින් පසුමෙම සති අන්තය සහ ඉදිරි සති කිහිපය කර්මාන්තයේ පැවැත්ම තීරණය කරනු ඇත." බොලිවුඩ් චිත්‍රපට විශ්ලේෂකයෙකු වන තරන් ආදර්ෂ් පැවසීය.

 

සති කිහිපයකට පෙරසිනමා ශාලා හිමිකරුවන් සම්පූර්ණ පිටුවක පුවත්පත් දැන්වීම් පළ කරමින් පවසා ඇත්තේ තමන්ට ඩොලර් බිලියන 1.2 ක ටිකට් පත් අහිමි වී ඇති බවත් හදිසි පදනමක් මත” සිනමා ශාලා යළි විවෘත කළ යුතු බවත්ය.

 

බොක්ස් ඔෆිස් හි ශුන්‍ය ප්‍රතිලාභ සහ වෛරස් සීමා කිරීම් වල බලපෑම දැනටමත් බොලිවුඩ් සිනමාවට දැඩි ලෙස බලපා ඇති අතර ඉන්දියාවේ දැවැන්ත චිත්‍රපට චිත්‍රාගාරවල කටයුතු මුළුමනින්ම පාහේ ඇණහිට පවතී. සෑම වසරකම වැඩිම විත්‍රපට සංඛ්‍යාවක් නිපදවන රටක (වාර්ෂිකව චිත්‍රපට 2,000 ක්), ලොව වැඩිම ටිකට් පත් සංඛ්‍යාවක් අලෙවි කරන රටක ( ටිකට් බිලියන 2 ක්), ඇතැම් චිත්‍රාගාරවලටබෙදාහරින්නන්ට සහ සිනමා ශාලාවලට මෙම වසංගතය සදාකාලිකවම බලපෑමක් සිදුකරනු ඇත.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top