ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක ආයතනය බොලිවුඩ් සිනමා නිලි දීපිකා පදුකෝන්ගෙන් ප්‍රශ්ණ කරයි

3000-1.jpg

සුෂාන්ත් සිං රාජ්පුට්ගේ මරණයෙන් අනතුරුව ඉන්දීය සිනමා කර්මාන්තය පිළිබඳව සිදු කෙරෙන විමර්ශන යටතේ ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක ආයතනය බොලිවුඩ් සිනමා නිලි දීපිකා පදුකෝන්ගෙන් ප්‍රශ්ණ කරයි.

 

පදුකෝන් මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලය විසින් ප්‍රශ්ණ කිරීම සඳහා සෙනසුරාදා දිනයේ කැඳවන බොලිවුඩ් සිනමා නළුනිලියන් තිදෙනාගෙන් එක් අයෙකි.

 

34 හැවිරිදි පදුකෝන් බටහිරදිග වෙරළාශ්‍රිත ගෝව නගරයේ රූගත කිරීමට නිරතව සිටියදී මෙලෙස කැඳවන ලදුව මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයේ මුම්බායිහි පිහිටි කාර්යාලයේදී පැය කිහිපයක් ප්‍රශ්ණකිරීමට භාජනය කෙරිණ.

 

මේ අතර, ශ්‍රද්ධා කපූර් සහ සාරා අලි ඛාන් යන දෙදෙනාගෙන් ද මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයට අයත් තවත් කාර්යාලයකදී ප්‍රශ්ණ කෙරුණු බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. කිසිදු අපචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් මොවුන්ගෙන් කිසිවෙකුට චෝදනා එල්ලවී නැතැයි ඉන්දීය බලධාරීහු පවසති.

 

ටයිම්ස්නව් රූපවාහිනී නාළිකාව ඔස්සේ මේ සතිය මුල විකාශය කෙරුණු වට්ස්ඇප් සංවාදයකදී හෑෂ් නමැති මත්ද්‍රව්‍ය ලබාගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර එම සංවාදයට  සම්බන්ධ දෙදෙනා පදුකෝන්
සහ ප්‍රකාශ් බවට චෝදනා එල්ලවී තිබේ.

 

ඉන්දීය මත්ද්‍රව්‍ය ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ රාජ්පූට්ගේ මරණයෙන් අනතුරුව තමන් බොලිවුඩ් සිනමාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂණයක් දියත් කළ බවයි.

 

බෙහෙවින් ජනප්‍රිය සිනමා පට කිහිපයක රඟපෑ 34-හැවිරිදි රාජ්පූට් මුම්බායිහි පිහිටි තම නිවසේ සිටියදී ඉකුත් ජූනි මස අබිරහස් ලෙස මරණයට පත්විය. සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් දියත් කොට ඇත.

 

ඔහුගේ හිටපු පෙම්වතිය වන, 28 හැවිරිදි රියා චක්‍රබෝර්ති ඔහුට ගංජා මිලදී ගත් බවට සැක පිට මේ මස මුලදී අත්අඩංගුවට පත්වූවාය. චක්‍රබෝර්ති මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top