කොවිඩ් – 19 වසංගතයට ප්‍රතිකාරයක් ලෙස ආයුර්වේදය ප්‍රචලිත කිරීම “රට රැවටීමක්”: බටහිර වෛද්‍යවරුන්ගෙන් ඉන්දීය රජයට චෝදනා

OYIC80LAMBlldAWrtgB75jwNIcZ4oGO9.jpg

ඉන්දීය වෛද්‍යවරු සහ විද්‍යාඥයන් මවිතයට පත් කරමින් කොවිඩ් – 19 ‌වසංගතයට
සාම්ප්‍රදායික වෙදකම නිර්දේශ කිරීමට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය දැඩි විවේචනයට ලක්වෙයි. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පසුගිය ඔක්තෝබර් මස 6 වන දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොවිඩ් – 19 අසාධ්‍ය නොවන රෝගී තත්වයන්ට, ඖෂධීය පැලෑටි මත පදනම්වූ සහශ්‍රක ගණනාවක් පැරණි ඉන්දීය වෙදකමක් වන, ආයුර්වේද ප්‍රතිකාර කිරීමට තමන් නිර්දේශ කරන බවයි. මෙම තීරණය නූතන වෛද්‍ය වෘත්තිකයන් ලක්ෂ දෙකහමාරක් පමන නියෝජනය කරන ඉන්දීය වෛද්‍ය සම්මේලනය දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඉන්දීය වෛද්‍ය සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ආයුර්වේද ප්‍රතිකාරවල කාර්යක්ෂමතාවයට අදාළ සාධක ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය වර්ධන්ගෙන් ඉල්ලා සිටී. ඔහුට එසේ කළ නොහැකිනම්, සම්මේලනය කියා සිටින්නේ, වර්ධන් “ඖෂධයක් ලෙස ප්‍රබල නොවූලේ  ප්‍රතිකාර රෝගීන්ට නිර්දේශ කරමින් ජාතියට වංචාවක්” සිදුකරන බවයි. ඉන්දියානුවන් 100,000 කගේ ජීවිත බිලිගෙන ඇති මාරාන්තික රෝගයකට කිසිදු සාක්ෂියකින් තොර ප්‍රතිකාරයක් නිර්දේශ කිරීම භයානක ප්‍රවණතාවයක් බව මුම්බායි ටාටා රෝහලේ අධ්‍යක්ෂ සී.එස්. ප්‍රමේෂ් පෙන්වා දෙයි. රජයට ඒ සඳහා පෙන්වාදීමට අධ්‍යයන ගණනාවක් ඇතත්, ප්‍රමේෂ් සහ සෙසු වෛද්‍යවරු පවසන්නේ ඒවා විශ්වසනීයත්වයෙන් තොර බවයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීමට ඉන්දීය රජය දරන ප්‍රයත්නය පාලක භාරතීය ජනතා පක්ෂය සාම්ප්‍රදායික වෙදකම යළි පනගැන්වීමට දරන උත්සාහයට සමගාමීව සිදුවන්නකි. 2014 වසරේ එම පක්ෂය බලයට පැමිණීමෙන් පසු, එය විකල්ප වෛද්‍ය විද්‍යාව සඳහා වූ රජයේ දෙපාර්තමේන්තුවක් ආයුෂ් අමාත්‍යාංශයට (සාම්ප්‍රදායික සුව කිරීමේ ක්‍රම සඳහා ආයුර්වේදයයෝගා සහ ස්වභාව ධර්මයයුනනිසිද්ධා සහ හෝමියෝපති) වැඩි දියුණු කර ඇත. එහි වාර්ෂික අයවැය ඩොලර් මිලියන 290 දක්වා තුන් ගුණයකින් වැඩි කළේය.

ආයුෂ් අමාත්‍යංශය විසින් වැඩි දියුණු කරන ලද කොවිඩ් – 19  උපදේශනයට නාස්පුඩු තුළ බටර් ආලේප කිරීමගම්මිරිස්ඉඟුරු සහ වෙනත් ෂධ පැළෑටිවල උණුසුම් සම්මිශ්‍රණයක් යෙදීමආයුෂ් -64 නමින් පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම වැනි ප්‍රතිකාර නිරදේශ කොට ඇත. ෂධ පැළෑටි හතරක මිශ්‍රණයක් වන දෙවැන්න 1980 දශකයේ දී මැලේරියාව සඳහා වැඩි දියුණු කරන ලද්දේ ආයුර්වේද විද්‍යාව පිළිබඳ මධ්‍යම පර්යේෂණ කවුන්සිලය විසිනි.

පසුගිය සතියේ රජයේ නිවේදනය මගින් නිර්දේශ කරනුයේ මෘදු රෝගී තත්වයන් සඳහා පිළියම් පමණක් වන අතරඑමගින් පවසන්නේ මධ්‍යස්ථ හා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන්ට ආයුර්වේදය භාවිතා කිරීම පිළිබඳව “දැනුවත් තේරීමක්” කළ හැකි බවත්කොවිඩ් –19 රෝගයේ ශ්වසන අපහසුතා සහ නියුමෝනියාව වැනි, කොවිඩ් – 19 දැඩි රෝගාබාධ සහිත පුද්ගලයින් සමාන ෂධ පැළෑටි ලබාගැනීම් නියම කරන තවත් ආයුර්වේද මාර්ගෝපදේශ ලේඛනයකට යොමු කරන බවත්ය. මෑතකදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීආයුර්වේද අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රාජේෂ් කොටෙචා කියා සිටියේමෙම පිළියම් සඳහා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ වාර්තාවක ලැයිස්තුගත කර ඇති අභ්‍යන්තරසත්ව හා මානව අධ්‍යයන දුසිම් ගණනක් සහාය ලබා දී ඇති බවයි.

නමුත් මානව අධ්‍යයන සියල්ලම පාහේ කුඩා හා පාලනයකින් තොර ඒවා බව විචාරකයෝ පවසති. කේරළයේ අර්නාකුලම් වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙපට රෝග විශේෂඥ සිරියැක් ඇබී ෆිලිප්ස් පැවසුවේ “මේවා අත්හදා බැලීම් සහ ව්‍යාජ අධ්‍යයන” බවයි. 

(Science සඟරාවේ අනුග්‍රහයෙනි.) 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top