පසුගිය මාස 3 තුළ අතුරුදහන් වූ ළමුන් 76 දෙනෙකු සොයා ගැනීම වෙනුවෙන් දිල්ලි පොලිස් කාන්තාවක් උසස්වීම් ලබයි

Capture-5.png

පසුගිය මාස තුනක කාලය තුළ අතුරුදහන් වූ ළමුන් 76 දෙනෙකු සොයා ගැනීමට සමත් වූ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පොලිස් කාන්තාවකට නව උසස්වීමක් ලබා දී ඇත. අතුරුදහන් වූ දරුවන් සොයා ගැනීමේ උත්සාහයන් දිරිගැන්වීම සඳහා මෙම උසස්වීම පිරිනමා තිබේ.

දිල්ලි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අයිෂ් සිංහාල් මහතා කියා සිටියේ පන්ජාබ්උත්තර් ප්‍රදේශ් සහ බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවලින් අතුරුදහන් වූ ළමුන් 76 දෙනා සොයා ගැනීමට සීමා ඩකා නමැති මෙම පොලිස් නිලධාරිනිය දායක වූ බවයි.

මේ වන විට සහකාර උප පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන ඩකා විසින් සොයා ගනු ලැබූ දරුවන්ගෙන් 56 දෙනෙකු වයස අවුරුදු 14 ට වඩා අඩු බව සිංගාල් පැවසීය.

ඩකා 2006 වසරේ දී පොලිසියට බැඳුණු අතර වසර පහකට පසුව විභාගයකට පෙනී සිටීමෙන් පසු ඇය ප්‍රධාන කොස්තාපල්වරියක බවට පත්විය.

වසර පහක් තිස්සේ අතුරුදහන් වූ 7 හැවිරිදි දරුවෙකුව ඇය බේරාගත් සිද්ධිය ඇය තම වෘත්තීය තුළ මුහුණදුන් වඩාත්ම අභියෝගාත්මක අවස්ථාවකි. දරුවා බේරා ගැනීම සඳහා ඇයට බටහිර බෙංගාලයේ ඩෙබ්‍රාහි ගංවතුරට ගොදුරු වූ  ප්‍රදේශයක ගංගා දෙකක් තරණය කිරීමට සිදුවිය. දිල්ලියේ රෝහිණී නගරයෙන් අතුරුදහන් වූ පිරිමි ළමයා නිවසින් පිටව ගියේ ඔහුගේ සුළු පියා ඔහුව නොපිළිගෙන ඔහුට පහර දීම හේතුවෙන් ය.

අගෝස්තු 7 වනදා සිට දිල්ලි පොලිසිය විසින් අතුරුදහන් වූ ළමුන් 1,440 ක් සොයාගෙන ඇති අතර මේ කාලය තුළ ළමයින් 1,222 දෙනෙකු අතුරුදහන්වී ඇති බවට වාර්තා වී තිබේ.

නිවේදනය කරන ලද දිරිගැන්වීම් වලට අනුවමාස 12 ක් තුළ අතුරුදහන් වූ ළමුන් 50 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සොයා ගන්නා කොස්තාපල්වරුන් සහ ප්‍රධාන කොස්තාපල්වරුන්තම සේවා කාලයෙන් බැහැර උසස්වීම් සඳහා සුදුසුකම් ලබයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top