ජලය, සනීපාරක්ෂාව, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදනය යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමට සූදානම් බව ඉන්දියාව පවසයි

Rajapaksa-meets-Modi.-File-Photo-750x375-1.jpg

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට අනුකූලව ජලය, සනීපාරක්ෂාව, කෘෂීකර්මාන්තය සහ නිෂ්පාදනය යන ක්ෂේත්‍රයන්හිදී, මෙරට අවශ්‍යතාවයන්ට අනුකූලව රජය සමඟ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමට නවදිල්ලිය සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි. බග්ලේ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ මේ බව කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත් සැප්තැම්බර් මස 26 වන දින අන්තර්ජාලය ඔස්සේ පැවත්වූ ද්විපාර්ශවික සමුළුවෙන් අනතුරුව ඉන්දීය මහකොමසාරිස්වරයා අගමැති රාජපක්ෂ හමුවූ ප්‍රථම
අවස්ථාව මෙයයි.

පසුගිය මාසයේ පැවති එම ඉහළ මට්ටමේ සමුළුවේදී ගනු ලැබූ තීරණ ක්‍රියාවට නැංවීම සඳහා මෙම හමුව කදිම අවස්ථාවක් වූ බව කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඖෂධ නිෂ්පාදනය ඇතුළු ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන සිදු කරන ලෙසට අගමැති රාජපක්ෂ කළ යෝජනාවට බග්ලේ සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ බව මහකොමසාරික් කාර්යාලය නිකුත් කළ නිවේදනය වැඩි දුරටත් සඳහන් කරයි.

අගමැති මෝදි අවධාරණය කළ පරිදි දෙරටේ ජනතාව-ජනතාව අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම සිහිපත් කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා නායක සමුළුවේදී දෙරට අතර බෞද්ධ සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා අගමැති මෝදි විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට ප්‍රතිඥාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රතිපාදනය එහිලා බෙහෙවින් වැදගත් බව අවධාරණය කළේය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top