රෞහානි: අමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට යළි එක්වුවහොත් පැයක් ඇතුළත අප ද ඊට එක්වනවා

rouhani-reut-1.jpg

FILE PHOTO: Iranian President Hassan Rouhani attends talks in the Black Sea resort of Sochi, Russia, Feb. 14 2019. Sergei Chirikov/File Photo

2015
වසරේ ඇති කරගත් න්‍යෂ්ටික සම්මුතියට යළි එක්වීමේ අභිලාෂය අවධාරණය කරමින්, අමෙරිකා එක්සත් ජනපදය එම ගිවිසුමට යළි එක්වුවහොත්, තම රට ද පැයක් ඇතුළත ඊට එක්වීමට සූදානම් බව ඉරාන ජනාධිපති හසන් රෞහානි පවසයි.

ඒකාබද්ධ නිස්විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්ම හෙවත් ජේසීපීඕඒ යනුවෙන් හඳුන්වනු ලබන මෙම ගිවිසුමට යළි එක්වීම සඳහා ඉරානයේ බැලිස්ටික මිසයිල වැඩසටහන සීමා කිරීම වැනි කිසිදු පූර්ව කොන්දේසියක් පිළිගැනීමට තමන් සූදානම් නැති බව ද රෞහානි කියා සිටී.

ටෙහෙරාන පාලනයේ මිසයිල ද ඇතුළත් කොට දැඩි සම්මුතියක් ඇති කරගත යුතු බවට ට්‍රම්ප් පාලනයේ දැඩිමතධාරී කණ්ඩායම් කොන්දේසි ඉදිරිපත් කොට ඇතත් ටෙහෙරාන පාලනය එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.  

ජේසීපීඕඒ ගිවිසුමට යළි පැමිණීම සඳහා ඉරානය සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන බව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තෝරා ගනු ලැබ සිටින ජෝ බයිඩන් නිරතුරුව පවසයි. එහෙත් බයිඩන්ගේ මෙම උත්සාහය පරාජය කිරීම සඳහා ට්‍රම් පාලනයේ අවසන් සති කිහිපය තුළ ඊශ්‍රායලය ද ඇතුළු විවිධ කණ්ඩායම් දැඩි ප්‍රයත්නයක නිරතව සිටින බවට ඉරාන නායකයෝ චෝදනා කරති. ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මො‍හ‍්සෙන් ෆක්‍රිසාඩේ ඝාතනය කිරීම එහි එක් පියවරක් බව ඔවුහු කියා සිටිති.

ෆක්‍රිසාඩේ ඝාතනය කරමින් ඊශ්‍රායලය යුද්ධයක් ඇති කිරීමේ උත්සාහයක නිරතවූ බවට ඉරාන ජනාධිපතිවරයා චෝදනා කළේය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top