ඉරාන න්‍යෂ්ටික සම්මුතිය ආරක්ෂා කරගැනීමට එහි පාර්ශවකරුවෝ ප්‍රතිඥා දෙති

vienna.png

අර්බුදයට ලක්ව පවතින ඉරාන න්‍යෂ්ටික සම්මුතිය ආරක්ෂා කරගැනීමට එහි අත්සන්කාර පාර්ශව තීරණය කරයි. ටෙහෙරාන පාලනයට එරෙහිව යළි එකසත් ජාතීන්ගේ සම්බාධක පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය දරන ප්‍රයත්නය ප්‍රතික්ප කරන බව ද ඔවුහු පවසති.

ඔස්ට්‍රියාවේ වියානා අගනුවර දී, සැප්තැම්බර් මස 1 වැනි දින පැවති සාකච්ඡාවේ සභාපතිත්වය හෙබවූ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන හෙල්ගා-මාරියා ෂ්මිට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ “ගිවිසුම ආරක්ෂා කරගැනීමේ වැදගත්කම සහභාගීවූ සියළු දෙනා යළි තහවුරු කළ” බවයි.

චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය සහ ඉරානය යන රටවල නියෝජිතයෝ සාකච්ඡාවට සහභාගී වුහ. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම හෙවත් ඒකාබද්ධ නිර්වීස්තීර්ණ ක්‍රියාකාරී සැළැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ කරුණු එහිදී සාකච්ඡා කෙරිණ.

2015 වසරේදී ඇතිකරගත් මෙම සම්මුතියෙන් මීට දෙවසරකට පමන පෙර අමෙරිකා එක්සත් ජනපදය අනපේක්ෂිත ලෙස ඉවත්වීමත්, ඉරානයට එරෙහිව යළිත් වරක් සම්බාධක පැනවීමත් සමඟ වොෂිංටනය සහ ටෙහෙරාන පාලනය අතර මතභේද යළිත් උත්සන්න විය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top