ලොව ශාක සහ සත්ව විශේෂ සැළකිය යුතු සංඛ්‍යාවක් වඳව යාමේ දැඩි අවදානමකට මුහුණ පා ඇතැයි ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සංගමය හෙවත් අයියූසීඑන් ආයතනය නිකුත් කල රතු ලැයිස්තුවේ නවතම යාවත්කාළීන කිරීම් පෙන්වා දෙයි. වඳව යාමේ දැඩි තර්ජනයකට මුහුණ පා සිටින ශාක සහ සත්ව විශේෂ පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව ස්වාභාව ධර්මය ආරක්ෂා කිරීමේ අන්තර්ජාතීන්ගේ සංගමය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි.
කෙසේ වෙතත්, සියල්ල අවසන්ව නොමැත: මේ වසරේ සැළකිය යුතු සාර්ථකත්වයේ කථාන්තර අසන්නට ලැබිණ. පරිසරය සුරැකීමට අප තවමත් ප්‍රමාද නොමැති බව එමගින් පෙන්නුම් කරයි.

වඳව යාමේ තර්ජනයට මුහුණ පා සිටින මිරිදිය ඩොල්ෆින් මත්ස්‍යයෙක්. Credit image IUCN
අයියූසීඑන් රතු ලැයිස්තුවට ශාක සහ සත්ව විශේෂ 128,918 ක් ඇතුළත් කොට ඇති අතර, එයින් 35,765 ක් එනම් 30% ක් වඳව යාමේ තර්ජනයට මුහුණ පා සිටී. උදාහරණ ලෙස, ඔික් ගස්වලින් තුනෙන් එකක්, සියළු උභය ජීවීන්ගෙන් 40% ක් සහ ලොව සියළු මිරිදිය ඩොල්ෆින් මත්ස්‍යයන් මෙලෙස වඳව යාමේ තර්ජනයට ලක්ව ඇත. අයියූසීඑන් ආයතනයේ නවතම යාවත්කාළීන කිරීම්වලට අනුව මෙම වඳව ගිය කාණ්ඩයට අතිරේක විශේෂ 31 ක් ඇතුළත් කොට තිබේ.

යුරෝපයේ බයිසන් ගවයෙක්. Image credit IUCN
“වඳව ගිය විශේෂ ලැයිස්තුව සීඝ්රයෙන් වැඩිවීම කඩිනම් සංරක්ෂණ වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරයි”, අයියූසීඑන් අධ්යක්ෂ ජනරාල් බෘනෝ ඔබර්ලේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. “තිරසාර නොවන ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සඳහා කැලෑ කැපීම සහ ආක්රමණික ශාක සහ සත්ව විශේෂ වැනි ගෝලීය තර්ජන පිටුදැකීමට නම් ලොව පුරා සංරක්ෂණ කටයුතු කඩිනම් කළ යුතුව ඇත”.
