අමෙරිකාව සහ චීනය අතර දෙවැනි ලෝක සංග්‍රාමයට සමාන ආකාරයේ ව්‍යසනයක් ඇතිවීමේ අවදානමක්!

image.jpg

ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ බිඳී ගිය චීනය සමඟ සන්නිවේද මාර්ග යථා තත්වයට පත්
කිරීමට බලයට පැමිණෙන බයිඩන් පාලනය ක්‍රිය කළ යුතු බවත්, එසේ නැතහොත් දෙරට අතර අර්බුද යුද ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවටත් අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් අනතුරු අඟවයි.

බ්ලූම්බර්ග් නව ආර්ථික සංසදයේ ආරම්භක සැසිවාරය අමතමින් කිසින්ගර් පැවසුවේ “කිසියම් සාමූහික ක්‍රියාමාර්ගයක් සඳහා පදනමක් නොමැති නම්ලෝකය පළමුවන ලෝක සංග්‍රාමයට සමාන ව්‍යසනයකට ඇද වැටෙනු ඇත” යන්නයි. අද පවතින යුද තාක්‍ෂණයන් සැළකිල්ලට ගත් විට එවැනි අර්බුදයක් පෙර යුගවලට වඩා “පාලනය කිරීම දුෂ්කර” වනු ඇතැයි ඔහු පැවසීය.

ඇමරිකාව සහ චීනය දැන් වඩ වඩාත් ගැටුම් දෙසට ඇදී යමින් සිටී. ඔවුන් ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැටුම්කාරී ආකාරයකින් මෙහෙයවනු ලැබේ” යැයි 97 හැවිරිදි කිසිංගර් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ප්‍රධාන කර්තෘ ජෝන් මික්ලෙට්වයිට් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ ය. “පවත්නා අවදානම නම් වාචාල කතා වලින් ඔබ්බට ගොස් සැබෑ යුද ගැටුමක් දක්වා අර්බුදය දුර දිග යාමයි.”

ජනාධිපති රිචඩ් නික්සන්ගේ 1972 ඓතිහාසික චීන සංචාරයට මග පෑදූ රාජ්‍ය තාන්ත්‍රිකයා පවසන්නේකොවිඩ් –19 වසංගතය විසින් උද්ගත කොට ඇති පොදු තර්ජනය ජනවාරි 20 වනදා බිඩෙන් බලයට පත්වන විට දෙරට අතර දේශපාලන සාකච්ඡා සඳහා විවරයක් ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top