දේශීය ක්‍රීඩකයන්ට මුල්තැන ලැබෙන, විදේශීය ක්‍රීඩකයන්ද ක්‍රීඩාකරන, දේශීය-විදේශීය
රූපවාහිනී නාලිකා හරහා විකාශය වන, දේශීය මෙන්ම විදේශීය ආයෝජනයන් සහිත ජාත්‍යන්තර මට්ටමේ ප්‍රිමියර් ලීග් T20 තරගාවලියක අඩුව කලක පටන් අපට දැනුනා. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, දකුනු අප්‍රිකාව, කොදෙව් දූපත් විතරක් නෙමෙයි බංග්ලාදේශයත් එවැනි තරගාවලි සංවිධානය කරද්දී අපි ඒවා බලලා ක්‍රීඩාශීලී වින්දනයක් ලැබුවේ හිතේ කොනක සියුම් දුකක් තුරුලු කරගෙන. අපේ සිහිනය ඉටුවෙලා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) යථාර්ථයක් බවට පත්වෙලා.

මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමේ ඇති වැදගත්කම කුමක්ද?
ක්‍රීඩා අලෙවිකරණ පැත්තෙන් පොඩ්ඩක් හිතල බලමු. ක්‍රීඩාව කියන්නේ අද වෙද්දී රටකට ආධායම උපයන මාර්ගයක්. ඒවගේම ක්‍රීඩාවට ජාතික වශයෙන් ලොකු වටිනාකමක් තියෙනවා. වර්තමානයේ ක්‍රීඩාව සංචාරක කර්මාන්තයේ(Tourism Industry) සහ වින්දනීය කර්මාන්තයේ (Entertainment & Recreation Industry) කොටස් බවට පත්වෙලා. මේ සමග බැදුන විශාල පිරිසක් තමන්ගේ ජීවන වෘත්තිය බවට ක්‍රීඩාව ඍජුව හෝ වක්‍රව සම්බන්ධ කරගෙන.
ක්‍රීඩාවට බැදුන පාර්ශ්ව කවුරුන්ද ?
ක්‍රීඩාවට බැදුන පාර්ශ්ව වන්නේ ක්‍රීඩකයින් සහ ක්රීඩාප්රේමීන් පමනක්ම නෙමෙයි. ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ ස්වේච්ඡා නිලදාරීන්, පුහුනුකරුවන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්, ඉසව් සංවිධායකයන්, තම නිශ්පාදන ප්‍රචාරය සදහා ක්‍රීඩාව තෝරාගන්නා ආයතන, ආයෝජකයින්, අනුග්රාහකයන් සහ ක්‍රීඩාංගණ සේවකයින් මෙන්ම ප්‍රවාහන, නවාතැන් ඇතුලු බොහෝ පුද්ගලයන්, කණ්ඩායම් සහ ක්ශේත්‍ර ක්‍රීඩාවට සම්බන්ධයි.
ක්‍රීඩා අලෙවිකරනයේ අංශ..
ක්‍රිඩා අලෙවිකරණය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි.
# ක්‍රීඩා අලෙවිකරණය
# ක්‍රීඩාව තුල අලෙවිකරණය
මෙහි පලමු වැන්න තුල සිදුවන්නේ අලෙවිකරණ න්‍යායන් භාවිත කරමින් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමයි. අපේ ක්‍රිකට් ක්‍රීඩාව මෙම න්‍යාය තුල ඉදිරියට රැගෙන යාමේදී LPL එහි එක් සන්දිස්ථානයක් වන බව නිසැකයි.
දෙවැන්න නම් විවිධ ආයනත තම නිශ්පාදන ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය සදහා ක්‍රීඩාව තෝරාගැනීමයි. මෙමගින් ක්‍රීඩාව සදහා වන ආයොජන ඉහල යාම සිදු වෙනවා. මෙවර LPL තරගාවලියේ සාර්ථක ප්‍රතිඵල එළඹෙන වසරේ LPL තරගාවලියේදී වඩාත් හොදින් දැකගැනීමට අපට හැකිවේවි.
නමුත් මේ සියල්ලේ පදනම වන්නේ මෙවර තරගාවලියේ සාර්ථකත්වයයි. සංවිධානය ශක්තිය, පරිපාලන දක්ශතාවය හරහා තරගාවලිය පිලිබදව උනන්දුව දැක්වූ පාර්ශ්වයනගේ (Stakeholders) අරමුනු ඉටුවීමයි.
එසේ වන්නේ නම් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක ඉදිරි ගමනක හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය.
දර්ශන මල්දෙණිය
බාහිර කතිකාචාර්ය – ක්‍රීඩා අලෙවිකරණය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය

Sports Journalist | MBA(Kelaniya) | BSc. Mgt(USJP) | PGDipM(SL) | MSLIM, P. Mkt(SL) | MIMSL