ලොව පුරා ට්විටර් ඇනහිටී

twitter-moments.jpg

ට්විටර් වෙබ් අඩවිය බරපතල ඇනහිටීමකට මුහුණ දීමෙන් ලොව පුරා පරිශීලකයින්ට බලපෑම් එල්ල වෙයි.

සමාජ මාධ්‍ය දැවැන්තයා කියා සිටියේ මෙම ගැටළුව ඇතිවූයේ එහි අභ්‍යන්තර පද්ධතිවල නොදැනුවත්ව සිදුවූ වෙනසක්නිසා බවයි.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල පරිශීලකයින්ට පැයකට වැඩි කාලයක් මෙම සමාජ මාධ්‍ය මෙවලම භාවිතා කිරීමට නොහැකි වූ අතර බොහෝ දෙනෙකුට වැරදි පණිවිඩ ලැබුණි.

මෙම සේවාව පසුව බොහෝ දුරට ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර කැලිෆෝනියාවේ පිහිටි සමාගම පැවසුවේ මෙම වෙබ් අඩවිය සිය සියලුම පරිශීලකයින් සඳහා ඉක්මනින් ක්‍රියාත්මක යළි ක්‍රියාත්මක කරන බවයි.

 ජපානය, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ ප්‍රංශය ඇතුළු ලොව පුරා සිටින පරිශීලකයින්ට මෙම වේදිකාව භාවිතා කළ නොහැකිවූ බව වාර්තා වී තිබේ.

එක්සත් ජනපදයේ, ගැටළු පිළිබඳ පැමිණිලි ලක්ෂ ගණනක් ලැබුණි.

පරිශීලකයින්ට “යමක් වැරදී ඇත" සහ “ට්වීට් අසමත් විය: යමක් වැරදී ඇත, කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න" ඇතුළු වැරදි පණිවිඩ ලැබුනු බව වාර්තාවේ.

ට්විටර් කියා සිටියේ ආරක්ෂක උල්ලංඝනය වීමක් හෝ හැක් කිරීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

ජුලි මාසයේදී හැකර්වරු ට්විටර් හි අභ්‍යන්තර පද්ධති වෙත පිවිස එම සමාජමාධ්‍ය මෙවලමේ වඩාත් ප්‍රමුඛ පරිශීලකයින් සතු ගිණුම් පැහැර ගැනීමට උත්සාහ කළහ.

පරිශීලකයන් මිලියන 140 ක් පමන සිටින් ට්විටර් ලොව වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය මෙවලමක් ලෙස සැළකේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top