ප්ලාස්ටික්වලින් දූෂණය වන මධ්‍යධරණී මුහුද

environmental_protection_concept._plastic_bag_pollution_in_ocean_c_adobestock_by_memorystockphoto_213066248.jpeg

වසරකට ටොන් 230,000 ක් ප්ලාස්ටික් මුහුදට බැහැර කෙරෙන තත්වයක් තුළ ප්ලාස්ටික් දූෂණයේ වැඩිම බලපෑමට ලක්ව ඇති පාරිසරික කලාපයක් ලෙස මධ්‍යධරණී මුහුද සැළකිය හැකි බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි. කඩිනමින් මෙම ගැටළුවට පිළියම් නොයෙදුවහොත් වසර 2040 වන විට මම සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යා හැකි බවට පර්යේෂකයෝ අනතුරු අඟවති.

 

 

අන්තර්ජාතික සංරක්ෂණ සංගමය (The International Union for the Conservation of Nature (IUCN) ) හෙවත් අයියූසීඑන් ආයතනය විසින් පළ කරන ලද මධ්‍යධරණී මුහුදේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ නවතම වාර්තාවක මේ බව දැක්වේ. මෙම මුහුදු  ප්‍රදේශයේ වෙරළාශ්‍රිතව පිහිටි හෝ ජලාපවාහනය මගින් ඒ හා සම්බන්ධවන රටවල් 33 ක් පිහිටා ඇත.

මධ්‍යධරණී මුහුදේ ප්ලාස්ටික් ටොන් 1,178,000 ක් පමන පවතින බැව් මෙම අධ්‍යයනයෙන් හෙළිවී තිබේ. මෙයින් බහුතරයක් එක්කෝ, ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස මුහුදු පත්ලේ අවසාදිතවල තැන්පත්ව පවතී, නැතහොත් සාර්ව ප්ලාස්ටික් ලෙස මුහුදු පත්ලේ තැන තැන විසිරී පවතී.

මධ්‍යධරණී මුහුදට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් බැහැර කරන රටවල් ලෙස ඊජිප්තුව, ඉතාලිය සහ තුර්කිය හඳුනාගනු ලැබ ඇත. නමුත් ඒක  පුද්ගල ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැරකරණය අනුව මොන්ටි‍නීග්‍රෝ, ඇල්බේනියාව, බොස්නියා සහ හර්සගොවීනා සහ උතුරු මැසිඩෝනියාව ඉදිරියෙන් සිටින බව වාර්තාවේ දැක්වේ.

 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top