29 වනදා ලංකාවට එන මයික් පොම්පියෝගේ කෙරුවාවෙන් බිඳක් ඔහුගේ ම වචනයෙන් (video)

mike-pompeo-ap.jpg

කලාපීය චාරිකාවක නිරත වෙමින්, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන 29 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම සංචාරයේ අරමුණ කුමක් ද යන්න නිශ්චිතව දක්වා නැතත්, කලාපය තුළ චීන බලපෑම් පිටුදැකීම මෙම චාරිකාවේ එක් අරමුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කොට ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවනු ලබන්නේ කිසිදු සදාචාරසම්පන්න කැපවීමක පිහිටා නොව, ප්‍රධාන අරමුණු හතරක් පෙරදැරිව බව සුප්‍රකට භූදේශපාලන විශ්ලේෂක විලියම් බ්ලම් වරක් පෙන්වා දී තිබේ. එනම්:

          – අමෙරිකානු සමාගම්වලට ලෝකය ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කරගැනීම

          – කොංග්‍රස් මණ්ඩලයට ධන පරිත්‍යාග කරන සමාගම්වල මූල්‍ය අරමුණු ඉටුකරලීම

– ධනේෂ්වර ආර්ථික මාදිලියට තර්ජනයක් වන විකල්පයට අදාළ සාර්ථක උදාහරණයක් සපයන වෙනත් ජනසමාජයක් නැඟී ඒම වැළැක්වීම 

– “බලවත් රාජ්‍යයක්” ලෙස තමන්ගේ දේශපාලන සහ ආර්ථික හෙජමනිය හැකි තරම් විශාල ප්‍රදේශයක පවත්වාගෙන යාම

දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය විසින් ලොව විවිධ කලාපයවල සිදු කළ පාලන තන්ත්‍ර පෙරළා දැමීම්, රාජ්‍ය නායකයන් ඝාතනය කිරීම් සහ බෝම්බ ප්‍රහාර පිළිබඳව විලියම් බ්ලම්ගේ Killing Hope: U.S. Military and CIA Interventions Since World War II කෘතියෙන් උපුටා ගත් සටහනක්.

ශ්‍රී ලංකාවට පැමිණෙන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කලක් අමෙරිකා එක්සත් ජනපදයේ සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අයෙක්. තමන් එම ධුරයේ සේවය කරන කාලය තුළ කළ කී දෑ වරක් ඔහු ප්‍රසිද්ධ සභාවක මෙලෙස ප්‍රකාශ කළා.

“අපි බොරු කීවා. අපි රැවටුවා. අපි හොරකම් කළා”. ඔහු මෙහිදී විශේෂයෙන් අදහස් කලේ ලතින් අමෙරිකානු කලාපය හා සම්බන්ධවයි.

එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින්ලතින් ඇමරිකාව කලාපය සැළකුවේ ස්වෛරී ජාතීන්ගේ එකතුවක් ලෙස නොව ඇමරිකාවේ අගුවක්” හැටියට. ලතින් අමෙරිකානු කලාපයේ ජනතාවාදී පාලන තන්ත්‍ර, අමෙරිකාවේ පුහුණුවලත් හමුදා ජුන්ටාවන් හරහා පෙරළා දමමින් අමෙරිකාව ගෙන ගිය මේ දුෂ්ඨ ක්‍රියා පිළිවෙත තුළ ලක්ෂ ගණනක පිරිසක් මරණයට  පත්වුනා. මේ සමස්ථ වැඩපිළිවෙලේ අරමුණ කලාපය තුළින් සමාජවාදය අතුගා දැමීම.

පොම්පියෝගේ මේ අදහස් දැක්වීම වොෂිංටනය විසින් ලොව විවිධ කලාප සම්බන්ධයෙන් අනුගත ක්‍රියාකලාපය අවබෝධ කරගන්න ප්‍රමාණවත්. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top