95% කාර්යක්ෂමතාවයකින් යුත් නව කොවිඩ් එන්නතක්: වසර 2021 ට පෙර වසංගතය අවසන් කළ හැකි ලකුණු!

14950675740_191bd10378_b.jpg

ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් සියයට 90 ක කාර්යක්ෂමතාවයකින් යුත් කොරෝනා වෛරස් එන්නතක් ප්‍රකාශයට පත්කොට සතියක් ගතවීමටත් පෙර මෙම මාරාන්තික වෛරසය වළක්වාගත හැකි නව එන්නතක් පිළිබඳව මොඩර්නා නමැති අමෙරිකානු සමාගම නිවේදනය කරයි. පර්යේෂණාත්මක එන්නත්කරණයේ දී තහවුරුවී
ඇත්තේ මෙම එන්නත කොවිඩ් – 19 වළක්වා ගැනීමෙහිලා 94.5% ක කාර්යක්ෂමතාවයකින් යුක්ත බවයි.

 

 

“මෙය අතිශයින්ම සතුටුදායක පුවතක්. දත්ත පිරික්සා බැලීමේදී මෙම සංඛ්‍යාලේඛන මගින් සියල්ල පැහැදිලි වනවා”, අමෙරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි එස්. ෆවුසි කියා සිටී.

 

ෆයිසර් සහ මොඩර්නා සමාගම් දෙකම තම එන්නත් නිපදවීමෙහිලා යොදා ගෙන ඇත්තේ එකම තාක්ෂණයකි. සැබැවින්ම, මේවා සෛල තුළ ප්‍රෝටීන නිපදවීම සඳහා ජානමය උපදෙස් කේත කරන ආර්එන්ඒ හි තනි පටු අණුවක් වන මැසෙන්ජර් ආර්එන්ඒ මත පදනම් වූ ප්‍රථම එන්නත් අතරට එක්වෙයි. කොවිඩ් – 19 ආසාදනය හා සම්බන්ධව ගත් කළ, එම්ආර්එන්ඒ සතුව කොරෝනා වෛරසයේ ටෙල්ටේල් ස්පයික් ප්‍රෝටීන නිපදවන කේතයක් ඇති අතර ඒවා සෛල මතට ඇලවීමට හා අවසානයේ දී ඒවා ආසාදනය කිරීමට භාවිත කරයි. වෛරසයේ කිසිදු හෝඩුවාවකින් තොරව මෙම ස්පයික් ප්‍රෝටීන නිපදවීමෙන්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිදේහ නිපදවීමට පටන් ගනී.

 

මොඩර්නා විද්‍යාඥයන් මෙම පර්යේෂණ තාක්ෂණය පිළිබඳව අහම්බෙන් මෙන් සිදුකළ අත්හදාබැලීම අවසානයේ සාර්ථක විය. එහි තෙවැනි අදියරයේ අත්හදා බැලීම සඳහා ස්වේච්ඡා සේවකයන් 3,000 ක් ඉදිරිපත්වූ අතර, ඔවුන්ගෙන් අඩකට දින 28 ක පරතරයක් සහිතව එම්ආර්එන්ඒ එන්නත දෙවතාවක් ලබා දෙන ලදි. අනෙක් අර්ධයට ප්ලේසෙබෝ එන්නත් දෙකක් ලබා දුන්නේ ය. මෙම සමාගම එන්නත අත්හදාබැලීම සඳහා විස්තෘත සහභාගීත්වයක් ලබාගෙන ඇති අතර, එහිලා අමෙරිකා එක්සත් ජනපදයේ සුළු ජන කොටස් වන හිස්පැනික්වරුන් 6,000 ක් පමන මෙන්ම අප්‍රිකානු-අමෙරිකානුවන් 3,000 ක් යොදා ගෙන තිබේ. අත්හදා බැලීම සඳහා වසය අවුරුදු 65 ට වැඩි 7්,000 ක් ද, එක් වතාවක් හෝ වසංගත රෝගයකට ගොදුරුවූ 5,000 ක් ද අත්හදාබැලීමට යොදාගනු ලැබූහ.

 

ෆයිසර් සමාගමේ එන්නතේ කාර්යක්ෂමතාවය 90% ක් වන අතර මොඩර්නා එන්නත 94.5% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. එමෙන්ම, මොඩර්නා එන්නත සෙල්සියස් අංශක – 4 ක (ෆැරන්හයිට් අංශක -25 ක) උෂණ්ත්වයක ගබඩා කළ හැකිය. ඒ අනුව මොඩර්නා එන්නත, විශේෂයෙන්ම නිසි යටිතලව්‍යුහ පහසුකම් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් පහසුවෙන් ගබඩා කිරීමට මෙන්ම පහසුවෙන් බෙදා හැරීමට ද හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

 

එක් අවාසියක් නම්ෆයිසර් දැනටමත් 2020 අවසන් වන විට මාත්‍රා මිලියන 50 ක් බෙදා හැරීමටත්, වසර 2021 අවසන් වන විට තවත් බිලියන 1.3 ක් බෙදා හැරීමටත් අපේක්ෂා කරන අතර මෝඩර්නා ව්‍යාපෘති මඟින් වසර අවසානයේදී මාත්‍රා මිලියන 20 ක් පමණක් නිපදවීමට හැකිවීමත් ය. ලබන වසර අවසාන වන විටනිෂ්පාදන ධාරිතාව සහ අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව මත පදනම්ව බිලියනයක ප්‍රමාණයක් දක්වා වැඩිකිරීමේ හැකියාව ඇති මාත්‍රා මිලියන 500 ක් නිෂ්පාදනය කිරීමට මොඩර්නා සමාගම අරමුණු කරයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top