මියැන්මාරයේ පාලක ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරයට එරට මහමැතිවරණයේ දී මීළඟ රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් හිමිව ඇතැයි නවතම මැතිවරණ ප්‍රතිඵලවලට අනුව පෙනී යයි.

ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය ආසන 416 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 346 ක බලය හිමිකර ගැනීමට සමත්ව සිටී. ඒ අනුව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 322 ක ආසනන සංඛ්‍යාවට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් එම පක්ෂයට හිමිව තිබේ. තවත් ආසන 64 ක ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.
පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සූ කීගේ පක්ෂයට මැතිවරණයේ ජය හිමිවූ බව මීට පූර්වයෙන් ප්‍රකාශයට පත්කොට තිබිණ. කෙසේ වෙතත්, හමුදාවේ සහාය ලත් විපක්ෂය මැතිවරණය යළි පැවැත්විය යුතු බවට ඉල්ලා සිටී.
අද දිනයේ නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පෙර ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල රාජ්‍ය නායකයෝ කිහිප පලක්ම ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරයට සුබ පැතුම් පණිවුඩ එවා තිබුණි.